11 January 2012

පනත හකුලාගන්නා තුරු, මර්දනය නතර කරන තුරු සටන ගෙන යනවා - රුහුණේ සිසුන්

ආණ්ඩුවෙන් කුමන බාධා එල්ල වුවද යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළා ගන්නා තුරු සහ ශිෂ්‍ය මර්දනය නවතනතුරු තම සටන අත් නොහරින බව රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුහු පවසති.  
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙසත් උසස්පෙළ විභාග ප‍්‍රතිඵල අවුල් කිරීමටත් එරෙහිවත් අද (11 බදාදා) එම විශ්වවිද්‍යාලයේ සිසුන් සංවිධානය කළ දැවැන්ත විරෝධතාවේදී සිසුහු මේ බව පැවසූහ.
 මෙම විරෝධතාව සඳහා සිසුන් 5,000කට අධික පිරිසක් සහභාගීවී සිටි අතර එය අද මධ්‍යහන 12ට රුහුණ විශ්වවිද්‍යාලයේදී අරම්භ විය. උදෑසන සිටම විශ්වවිද්‍යාලය අවට පොලීසිය, හමුදාව හා නිළ නොලත් මැරයන් විසින් කඩු පොළු රැගෙන සිසු උද්ඝෝෂණයට පහරදීමට සූදානම් සිටියහ.
ඉංජිනේරු පීඨයේ සිසුන්, වෛද්‍ය පීඨයේ සිසුන් හා සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ සිසුන් ඒකාබද්ධව හපුගල සිට විරෝධතා පාගමනින් ගාල්ල නගරයට පැමිණෙන විට පොලීසිය ප‍්‍රහාරයක් එල්ල කරන ලදි.
එමෙන්ම වැල්ලමඩම පරිශ‍්‍රසේ සිට මාතර නගරයට විරෝධතා පාගමනින් පැමිණීමට පැමිණි සිසුන්ද විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ගේට්ටුව අසලදී පොලිස් මාර්ග බාධක යොදා අවහිර කෙරිණි. පොලීසිය හමුදාව මෙන්ම නිළ නොලත් මැරයන් විසින් උද්ඝෝෂනයේ පැමිනි සිසුන්හට මරණීය තරජන එල්ල කල අතර පොලීසිය විසින් ශබ්ද විකාශන යන්ත‍්‍රද භාවිතා කරමින් ද සිසුන්හට තරජනය කෙරෙනි.  උද්ඝෝෂණ භූමියට අධි පීඩන ජල ටැංකි හා කැරළි මර්දන ඒකකයක්ද කැඳවා තිබිණි.
සියළු තර්ජන ගර්ජන හමුවේ නොසැළි සිසුන් විසින් පැය 3ට අධික වේලාවක් සටන් පාඨ කියමින් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීමට බලකරන හා උසස්පෙළ විභාග ප‍්‍රතිඵල අවුල් කිරීමට එරෙහිව විරෝධය පළකරහ.
සැබෑ ප‍්‍රශ්න වලට සිසුන්ගෙන් හා ජනතාවගෙන් නැගෙන විරෝධයට මුහුණදීමට නොහැකි මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් කරනු ලබන මෙවැනි ආකාරයේ නිවට ක‍්‍රියා තරයේ හෙලාදකින අතර පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලාගන්නා තුරු, ශිෂ්‍ය මර්දනය මුළුමනින්ම නවතන තුරු සටන අත්නොහරින බව සිසූහු ප‍්‍රකාශකර සිටියහ

Lankaviews

03 January 2012

පට්ට කෑල්ල සහ සරල කෙල්ලෙක් අතර වෙනස කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක් ගෙන් කෙල්ලෙක් ඉන්නවද කියල අහන්නෙ මචන් උබ කෑල්ලක් දගෙනද ඉන්නෙ කියලනෙ? කොල්ලො හැමෝම ආසයි කල වයස ආවම කෑල්ලක් සෙට් කරගන්න හැබැයි ඒක එසේ මෙසේ කෑල්ලක් නෙමෙයි පට්ට කෑල්ලක්. 
 
 
පට්ට කෑල්ලක් දාගත්ත එක හරි අඩම්බරයි ඒ වගේම පොර ටෝක් දෙනවා. හැබැයි සරල කෙල්ලෙක් දාගත්ත එකා එහෙම නැහැ.... පට්ට කෑල්ලක් කියන්නෙ ඉතාම ආකර්ශනිය විලාසිත අනුගමනය කරන කාගෙත් සිත් දිනා ගත්ත හැකි රුපකාය වශයෙන් කිසි අඩු පාඩුවක නැති කෙනෙක්. තුන්සිය හැට පස් දවසෙම කෑල්ලට තියෙන්නෙ එක දෙයයි ඒ ඇගේ රුප කාය නඩතුව. හෙට මුන ගෙහෙන ඔහු හෝ අනෙකා පින වන්නෙ කෙසෙද යන්න ගැටලුව ඇරෙන්න වෙන ගැටලුවක් නම් නහැ. සාමාන්‍යයෙන් පට්ට කෑල්ලකට ගෙදර දොර වැඩ බහැ උයන්න පිහන්න බැහැ ගෙවල් දොරවල් අස් පස් කරන්න බැහැ රෙදි හෝදන්න බැහැ දරුවො හදන්න පුලුවන් උනාට උන්ට දරුවො නලවන්න බැහැ........ දරුවන්ට කිරි දෙන්න බැහැ දරුවන්ට හොද අම්මා කෙනෙක් වෙන්න බැහැ. නමුත් ඇය වෙලදපළ තුල තියන අකර්ශණීය භාණ්ඩ හැම එකක් ගැනම දන්නවා. ඒවා මිලදි ගන්නවා කලින් කලට වෙනස් වන නවීන පන්නයේ 4n නවීන පන්නයේ අදුම් පැළදුම් ඇයට තියනවා..... කෑල්ලක් පාරෙ ඇවිදින්නේ ලතාවකට හිතල මතලා ඇගට අරන් අගල් දෙකක් උඩින්. ඇය දිහා හැමෝම වගෙ බලනවා අකර්ශණීය හමදේම ඇය කරන්නෙ රටට ලෝකෙට පේන්න නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොදයි වගේ පෙනුනත් හොද නැහැ. අහිංසකයි වගෙ පෙනුනත් අහිංසක නැහැ. සංවරයි කියල පෙනුනත් සංවරත් නැහැ. දින පතා පහන තිබ්බත් ආගමික නැහැ....... සරල් කෙල්ලෙක් මීට වඩා හාත් පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ලගට වෙල කරන්නෙ දිලිසෙන එක. සරල කෙල්ලෙක් කරන්නෙ ඔබ දිරිමත් කරන එක. සරල කෙල්ලෙක් හරිම ලැජ්ජ ශිලියි ස්ංවරයි නමුත් අවශ්‍යතැනදි කතා කරනවා. පිරිමි සමග පවත්වන ගනු දෙනු ඉතා සීමිතයි එහේම කියලා යාලුවො නැතුව නෙමයි ඒත් යලුවා කරේ නැ....... ඇය චාම් සරල විලසිතා අනුගමනය කරනවා. තම්න්ගේ රුපයට ඇය ආදරෙයි නමුත් මනුශික සබදතා වෙනුවෙන් ඇය තම රුපය සහ සුන්දරත්වය නොසලකා හරිනවා.. ආදරයක් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් නොකා නොබි වෙහෙසෙන්න ඇයට පුලුවන්. ඇය අම්ම කෙනෙක් උනාම දවසක දරුවො කිරි බීලා බීලම ඇය වැහැරෙනවා. පට්ට කැල්ලක් අම්ම කෙනෙක් උනාම ගොන් කිරි බීලා බීලම දරුවො වැහැරෙනවා......... සරළ කෙල්ලෙක්ට ගේ දොර ඕන වැඩක් හැඩට වඩට කරන්න පුලුවන්. ගේ දොර අස්පස් කරන්න. රෙදි හෝදන්න. මිදුල අතු පතු ගාන්න. කටට රහට උයන්න. මල් වවන්න. කොල්ලෙක්ගේ හිතට දැනෙන්න ආදරේ කරන්න පුලුවන්. පට්ට කැල්ලක් ලග තියෙන්නෙ ආකර්ශණීය කාමයක් සහ ලිංගිකත්වයක් පමණයි. සරල කෙල්ලෙක් ලග ආදරේ උණුසුම පිරි ඉතිරි ගිය සුන්දරත්වයක් තියනවා. පට්ට කැල්ල සැරින් සැරෙට අපිට ලංවෙනවා සැරින් සැරෙට එහාට වෙනවා. ඒඋනාට ආදරේ කරන සරල කෙල්ලෙක්ව ජිවිතේ හැමදාම ලගින් තියා ගන්න හිතෙනවා. කැල්ල එක්ක තරහ උනාම එකිව බැනලා එලව ගන්න හිතෙනවා. සරල කෙල්ල එක්ක තරහ උනත් ළගට වෙලා ඉන්න හිතෙනවා. පට්ට කැල්ල එක්ක ඉදිද්දි ඒකි අපි ලග හුරුතල් වෙනවා. ඒඋනාට ආදරේ කරන සරල කෙල්ල එක්ක ඉදිද්දි ඒ කෙල්ල එක්ක අපිට හුරතල් වෙන්න හිතෙනවා. කැල්ලකට සාමන්‍යයෙන් අවශ්‍යතා වලදි ඔබව මතක් වෙනවා. නමුත් සරල කෙල්ලට හැම මොහතක්දීම ඔබව මතක් වෙනවා. කෑල්ලට කරදර කරන්න එපා කියුවම එකි අවශ්‍යතාවයක් එනකම් කට වගගෙන ඉන්නවා. එත් ආදරේ කරන කෙල්ලා එපා කියද්දිත් වාත වෙනවා. කැවද අහනවා. නැවද අහනවා. කොහේද ඉන්නෙ අහන්වා. ඒන්නෙ කියටද අහන්වා... කොටින්ම කියුවොත් පට්ට කෑල්ල සුවද ගහනවා නිතරම කොලෝන් පවිචි කරන නිසා... සුන්දර සරල කෙල්ලක් කොලෝන් නැතත් හැමදාම සුවද හමනවා මොකද එයාලා හැමදාම නානවා.. පට්ට කෑල්ලක් ඉන්න කොල්ලන්ට බුදු සරණයි දෙව් පිහිටයි හබැයි පරිස්සම් කරගනින් සරල කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට සුබ පැතුම් .......................

උපුටා ගැනීම තරුණයා පුවත්පත...........

04 December 2011

පුදුමයි! ඒත් ඇත්තයි


මාළු තම්බාගෙන කමින්, මාළු ලේ සමග මිශ්‍රවූ කුණු අයිස් වතුර බොමින් මාස දෙකහමාරක් කැඩුණු බෝට්ටුවක අතරමං වී ඉන්දියා මුහුදු සීමාව අසල පාවෙමින් සිටි අම්බලංගොඩ ධිවරයෝ පස් දෙනෙක් නිල්වැල්ලේ ධීවරයන් පිරිසක් හා නාවික හමුදා සහායෙන් යළි ගෙදර ආහ. නිල්වැල්ලේ ‘ජය ඉසුරු‘ බෝට්ටුවෙන් බේරාගත් එම පිරිස මුහුද මැදදී නාවික හමුදාවට බාරදීමෙන් පසුව සෙසුරාදා සවස කන්කසන්තුරේ වරායට රැගෙන එනු ලැබූහ.




Lankadeepa

01 December 2011

දිවි ඇති තෙක් සිරගෙයට නියම වූ වෛද්‍යවරයෙක්

[ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ මානව අයිතීන් සහ සෞඛ්‍ය අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීම නිසා දිවි ඇති තෙක් සිරගෙට නියම වූ වෛද්‍ය බිනයාක් සෙන්ගේ කතාව ඇතුළත් ‛‛සුවපත් වෛද්‍යවරයකුගේ කතාව’’]

[ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ මානව අයිතිවාසිකම් හා සෞඛ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම නිසා දිවි ඇති තෙක් සිරගෙයට නියම වූ වෛද්‍ය බිනායක් සෙන් ගේ චරිතය අළලා රචනා කළ ‘A Doctor to Defend’ කෘතියේ සිංහල පරිවර්තනය වූ ‛සුවපත් වෛද්‍යවරයෙකුගේ කතාව’ කෘතිය ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකමි සුරැකීමේ ව්‍යාපාරයේ පුරෝගාමීන් අතරින් අඛණ්ඩව මානව හිමිකම් අරගලයේ නියැලෙන නීතිඥ එස්. ජී. පුංචිහේවා, එස්. සිවගුරුනාදන් සහ විමල් ප්‍රනාන්දු යන ක්‍රියාකාරීන් තිදෙනාට උපහාර පිණිස පොත පිළිගැන්වීම සඳහා ඊයේ (23) කොළඹ මහජන පුස්තකලායේදී පැවති උළෙලේ දී, එම කෘතියේ කතුවරිය වූ මිනි වෛද් විසින් පැවත් වූ දේශනය ඇසුරිනි.]
ඔබගේ මෙම සුන්දර රටට පැමිණි උත්සාහයේ සහ කැපවීමේ සහ අසාධාරණත්වය පිළිබඳ කතන්දර බෙදා හදා ගැනීමට අවස්ථාවක් ලබා දීම ගැන ඇත්තෙන්ම සතුටු වෙමි. මාටින් ලූතර් කිංගේ වචන වලින් පවසන්නේ නම් “කොතැනක හෝ වන අසාධාරණය සෑම තැනකම සාධාරණත්වයට ඇති තර්ජනයකි”.
මධ්‍යම ඉන්දියාවේ ඈත ප්‍රාන්ත රාජ්‍යයක් වූ චතිස්ගාර් හි එක මිනිසෙකුගේ අත්දැකීම්, ඔහුට මුහුණ දීමට සිදු වූ දුක් ගැහැට, තාවකාලික වුවත් අවසානයේ ඔහුගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේත් දෝංකාරය නගන්නේත් එම නිසාය. වෙල්ලෝරයේ ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලයේ ඉහළම සුදුසුකම් ලබා ගත් වෛද්‍ය බිනායක් සෙන් දශක තුනක් තිස්සේ ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රදේශයේ ආදිවාසී, නැති නම් දේශික ජනතාව අතර වැඩ කළේය.මෙම ගෝත්‍රික ජනතාව, විශේෂයෙන්ම චතිස්ගාරයේ බැස්ටාර් ප්‍රදේශයේ ජනතාව, පරම්පරා ගණනාවක්ම ජීවත් වූයේ වනාන්තරය වැනි පොදු සම්පත්වලට පිවිසීමට තිබූ අවස්ථාව නිසාය. එහෙත් අවාසනාවකට මෙන් මෙම ජනතාව පරම්පරා ගණනාවක්ම ජීවත් වූ මෙම සරු ජෛව විවිධත්වයෙන් පිරි පස, ඛනිජ සම්පත් වලින් පොහොසත්ය.
වසර 2000 දී ප්‍රාන්ත රාජ්‍යය පිහිටුවීමෙන් වසර පහකට පසු එම ආණ්ඩුව පතල් කැනීමට හා නිෂ්පාදනය සඳහා මහා සමාගම් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට පටන් ගත්තේය. එහි ප්‍රජාවේ ජීවත්වීමට තීරණාත්මක වූ මෙම ක්‍රියාවලියට විරෝධය පෑම හෝ උද්ඝෝෂණය කිරීම වහාම මර්ධනය කෙරිණ.මහා සමාගම්වලට පතල් කැනීම සඳහා ආදීවාසීන්ගෙන් ඉඩම් අත් කර ගැනීමේ පුළුල් සැලැස්මේ පියවරක් වශයෙන් රජයේ අනුග්‍රහය ඇතිව, රජයෙන් පඩි ලබන සල්වා ජුඩුම් නම් සිවිල් භට කණ්ඩායමක් 2005 දී බිහිවිය. ඔවුන් විසින් ගම් 600 කින් ඉවත් කරන ලද ගෝත්‍රික ජනතාව මහ මග දෙපස අනාථ කඳවුරුවල රැඳවිණ.සල්වා ජුඩුම් මැරකම් නිසා බිය පත් වූ දහස් ගණන් ගෝත්‍රික ජනතාව යාබද ප්‍රාන්ත වලට පලා ගිය අතර තවත් (කොපමණ දැයි නොදන්නා) බොහෝ දෙනෙක් වසර හයකටත් පසුව තවමත් තාවකාලික කඳවුරු වල වෙසෙති. ඉන්දියාවේ දුප්පත්ම ජනතාව වන මොවුන්ගෙන් 500කට අධික සංඛ්‍යාවක් නඩු විභාගයක් නොමැතිව මරා දමන ලද අතර, ගණන් නැති ස්ත්‍රී දූෂණ, දේපොළ ගිනි තැබීම් සිදු විය. ආණ්ඩුව සල්වා ජුඩුම් හැඳින්වූයේ ප්‍රාන්තයේ පවතින මාවෝවාදී ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර වශයෙන් ජනතාවගෙන් ම මතු වූ ව්‍යාපාරයක් සේය.
සිවිල් නිදහස සඳහා වූ ජනතා සංගමයේ චතිස්ගාර් පාර්ශවයේ ප්‍රධාන ලේකම් ලෙස බිනයාක් සෙන් ඇතුළු මානව අයිතිවාසිකම් සංවිධාන පහක කණ්ඩායමක් සල්වා ජුඩුම් ගැන විමර්ශනයට කිරීමට බැස්ටාර් වලට ගියහ. චතිස්ගාර් හි සිවිල් නිදහස සඳහා වූ ජනතා සංගමය එම වාර්තාව 2006 දී ‛රජය තම ජනතාවට එරෙහිව සටන් කරන විට’ යනුවෙන් නිකුත් කළ අතර ඊට පසු වසරේ දී බිනයාක් ජනතාව කුපිත කිරීමට හා රාජ්‍යයට එරෙහිව සටන් කිරීමේ චෝදනා යටතේ අත් අඩංගුවට ගනු ලැබිණ. වසර දෙකකට වැඩි කාලයක් සිර ගත කරනු ලැබූ ඔහු ලොව පුරා සිවිල් සමාජ සංවිධාන විසින් ගෙන යන ලද උද්ඝෝෂණ ව්‍යාපාරය නිසා 2009 මැයි මාසයේ දී ඇප මත නිදහස් කොට ඉන් පසු පැවති නඩු විභාගයකින් 2010 දෙසැම්බර් මාසයේ දී ජීවිතාන්තය දක්වා සිරගෙට නියම විය. දෙවන වරටත් මාස හතරක කාලයක් සිරගත සිටි ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව ඇප මත නිදහස්ව සිටින නමුත් ඔහුගේ අභියාචනය තවමත් චතිස්ගාර් මහාධිකරණයේ විභාග වෙමින් පවතී.
“විනාශ නොවී සිටීමට නම් විරෝධය පෑ යුතුයැ” යි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කී නමුත් අද චතිස්ගාරයේ ගැටුම්වලට මැදිව සිටින අයට අසාධාරණයට එරෙහිව සටන් කිරීමේ කිසිම ආශ්වාදයක් නැත.
ඒ ඇත්තෙන්ම කිසිත් වෙනසක් සිදුව නැති නිසාය.
බිනායක් සෙන් ගේ නඩුවට අන්තර්ජාතික අවධානය යොමු වූයේ වෛද්‍ය ක්ෂේත්‍රයේත් සිවිල් සමාජයේත් ඔහුට තිබූ සම්බන්ධතා නිසාය. එහෙත් විරෝධය පෑම නිසා කුරිරු ලෙස නිහඬ කරවනු ලැබූ, ප්‍රදේශයෙන් පලවා හරින ලද ගාන්ධිවාදියෙකු වූ හිමාන්ෂු කුමාර්, වද හිංසා පමුණුවා තවමත් පොලිස් අත් අඩංගුවේ පසුවන ගුරුවරයෙකු වූ සෝනි සෝරි, ගැටුම් පවතින ප්‍රදේශ වලින් තොරතුරු ගලා ඒම වැළැක්වීමට සිරගත කරනු ලැබූ නවක ජනමාධ්‍යවේදියෙකු වන ලින්ගා කොඩොපි වැනි අය නැගූ විසම්මුතියේ හඬ අසන්නට ලැබෙන්නේ නැත.
ජනමාධ්‍යවේදීන්ට හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට තවමත් ප්‍රාන්තයේ කලබල පවතින ප්‍රදේශ වලට පිවිසීම අසීරුය. බිනයාක් සෙන් ජීවිතාන්තය දක්වා සිරගත කළ, කල් පිනූ, අසාධාරණ නීති හා අධිකරණ ක්‍රියාමාර්ග තවමත් නඩු විභාගයකින් තොරව සිරගත කිරීමට යොදා ගනී. සල්වා ජුඩුම් සහ එහි ක්‍රියා මාර්ග ව්‍යවස්ථා විරෝධීයැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ දී තීරණය කළ ද බැස්ටාර් තවමත් යථා තත්වයට පැමිණ නැත.මෙවැනි පසුබිමක් යටතේ බිනයාක් සෙන් ගේ වදන් හා දර්ශනය ලොව කොතැනක හෝ අසාධාරණයට හා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නගන හඬක් නිසා එහි විශේෂ අර්ථයක් පවතී.ඇප ලැබුණ දා සිට බිනයාක් සෙන් මටත්, ජනමාධ්‍යටත්, ශිෂ්‍යයන්ටත්, ඔහුට සවන් දෙන සෑම කෙනෙකුටමත් කියන දේ හරය වන්නේ,
සාමයට ඉඩක් දෙන්න යන්නයි.
මා පළමුවෙන්ම ඔහු සමග සාකච්ඡා කෙළේ ඔහුට නිදහස ලැබීමෙන් මසෙ දෙකකට පසුව 2009 ජූලි මාසයේ දීය. ඔහු සාමය, සමානාත්මතාවය සහ සාධාරණත්වය සඳහා වැඩ පිළිවෙළක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන කතා කෙළේය.ඉන් පසු අවසන් වරට, දඬුවම් නියම වීමට පෙර නැවතත් 2010 දෙසැම්බර් මාසයේ දී හමු වූ විට ද පැවසුවේ ඒ දෙයමය.ඔහුගේ හඬට සවන් දෙන මිනිසුන් සිටින්නේ කොතනදැයි මා දිගින් දිගට අසන විට ඔහුගේ පිළිතුර වූයේ කිසියම් දිනක එය සිදු වන්නේය යන්නයි. ජීවත්වීම සඳහා එම බලාපොරොත්තුව රඳවා ගත යුතු බවයි.
මා මේ පොත ලිව්වේ ඇයි දැයි යන ප්‍රශ්නයට පිළිතුර පහසුවෙන් දිය හැක. මෙම මාධ්‍යය මට අළුත් වුවත් ඒ ලෝකය මට අලුත් නොවේ.එම නිසා බිනායක් සෙන් ගේ කතාව සඟරාවක පළ වී තිබෙනු දුටු වහාම මගේ අවධානය ඊට යොමු විය. ඒ වන විට බිනායක් වසරක සිර ගෙදර ගත කර තිබිණ.ඊට වසරකට පසුව 2009 මැයි මාසයේ 14 වැනි දින බිනායක් අත් අඩංගුවට ගෙන වසර දෙකක් සිර ගත කිරීමේ දෙවන සංවත්සරයේ දී රායිපූර් හි සත්‍යග්‍රහයක් පැවැත් වූ 650 ක පිරිසට මම ද එක් වූයෙමි.එහි සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ මිතුරන් එහෙත් ඒ සියල්ලන්ටම වඩා සිටියේ බග්‍රම්නලා, දම්තේරි, සයිල්බෙහෙරා, දල්ලි රාජ්හාරා යන ප්‍රදේශ වලින් පැමිණි ඔහුගෙන් ප්‍රතිකාර ලැබූ රෝගීන් සහ ගොවීන්ය. ඒ සියල්ලන්ටම ඔහු අවශ්‍ය විය. ඒ ඔහු ඔවුන්ගේ වෛද්‍යවරයාවීම නිසාය. කිසියම් ගාස්තුවක් අය නොකළ වෛද්‍යවරයෙක්, රෝගියෙකුගේ තුවාලයකින් ගලන සැරව ඉවත් කිරීමට මැලි නොවන වෛද්‍යවරයෙක්, ඔවුන්ට කරුණාවෙන් කතා කරන වෛද්‍යවරයෙක්, සෞඛ්‍ය රැකවරණය ගැන සමස්ත දැක්මක් ඇති වෛද්‍යවරයෙක්…. මේ මට ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගත් බොහෝ ගැමියන්ගෙන් නිතර ඇසුණු දේය. ඔවුන්ගෙන් කෙනෙකු මට මෙසේ කීවේය. “සර්කාර් ජෝ බොලේ සො බෝලේ, හමාරේ ලියෙ වොහ් භග්වාන් හායි”
“ක්ලිනික් බාන්ද් හො ගයා ආද්මි භටක් රහා හායි…. තවත් කෙනෙකු කීවේය.
ප්‍රබලම ප්‍රකාශයක් කෙළේ බිනයාක් නිතිපතා සායනයක් පැවැත් වූ බග්‍රම්නලාවේ ගැමියෙකුය. සෑහෙන වයස්ගත පුද්ගලයෙකු වූ ඔහු මෙසේ කීවේය. “හමාරිසින්දාගි ටෝ චාල් ගයී හමාරේ බච්චෝන් කා භවිෂ්‍යා වො හි බනයෙගා”
ඔහුට ලැබුණේ මෙවැනි ප්‍රතිචාරය. එය මට සෑම තැනකින්ම අසන්නට ලැබිණ.
මෙම පොත ලිවීම සඳහා කරුණු සෙවීමට බොහෝ දුර බැහැර ගෙවීමට හා වෙහෙස මහන්සි වීමට සිදු වුවද ජනතාවගෙන් ලැබුණු සහාය ඉමහත්ය. බිනයාක් සෙන් යන වදන් දොරගුළු විවර කළ සහෝදරත්වය උතුරා යන මන්ත්‍රයක් විය.මේ ආකාරයට වෛද්‍යවරයෙකු වශයෙන් ඔහුගේ වෘත්තිය ජීවිතයත්, ග්‍රාමීය මට්ටමේ ක්‍රියාකාරීත්වයත් යා කෙරෙන සිද්ධීන් පිළිබඳ තොරතුරු හා පුද්ගල කතන්දර එකතු කිරීමෙන් බිනයාක් සෙන් චිත්‍රය විද්‍යාමාන විය.වචනාර්ථයෙන් මෙන්ම උපමාරූපකයක් වශයෙන් වෙල්ලෝර්, බිලාස්පූර්, ගන්යාරි, බග්‍රම්නලා, දල්ලි, රාජ්හරා, දන්තේවාද, ඩොර්නා පාල් හරහා ගොස් රායිපූර් හි දී නැවත වෛද්‍ය සෙන් හමු වූ විට ඔහුට පළමුවෙන්ම කීවේ මා ගිය තැන් වල ජනතාව ඔහුට දැක් වූ ගරුත්වයෙන් අඩක් හෝ මට ලැබෙන්නේ නම් මට අද වුවත් සිත සතුටෙන් මිය යා හැකිය යන්නයි. එහෙත් ඔහු එම වර්ණනාව සුපුරුදු අහිංසක සිනහවෙන් ප්‍රතික්ෂේප කළේය.
මෙම පොත බිනයාක් සෙන් ගේ කතාව වුවත් එය චරිත කතාවක් නොවන නිසා ඔහු ගැන සියලු දේ දැන ගැනීමේ අදහසින් එය නොකිය විය යුත්තේ එහි එවැන්නක් නොවන නිසාය.එය ඔහුගේ ජීවිතයට, ඔහුගේ වැඩ වලට, පමණක් නොව ඔහුගේ පෞද්ගලික ජීවිතයට බලපෑ සහ තවමත් බලපාන තීරණාත්මක පුද්ගලයන් කී කතාවකි.ඔවුන් සියලු දෙනාම පැහැදිලිවම තමන්ගේ ක්‍රියාකාරීත්වය නිසා කැපී පෙනෙන පුද්ගලයින්ය. සමාන වැඩ, අසාධාරණයට එරෙහිව කතා කිරීම, අසීරු තීරණ ගැනීමට නොපැකිළෙණ, වසර දෙකකට හෝ ජීවිතාන්තය දක්වාම හෝ හිර ගෙට යාමට සිදු වුවත් අවසානය දක්වාම තම හෘද සාක්ෂියට අනුව කටයුතු කරන අනාගත බිනයාක් සෙන්ලාය.මම ඔවුන්ට බිනයාක් ගේ කතා කීමට ඉඩ හැරියෙමි. ඒ සියල්ල යුක්තිය, අවතැන්වීම, මූලික සෞඛ්‍ය හා මානව අයිතීන් පිළිබඳ මානව ප්‍රශ්න හා ගැට ගැසෙන බැවින් මම ඒවා නැවත කීවෙමි.බිනයාක් සෙන් කළ ආකාරයට ඔබ ද හෘද සාක්ෂියේ ධෛර්යෙන් නැගී සිටිය යුතු නිසා මම එය කීවෙමි.
ඔහුගේ නඩු තීන්දු දීමට හරියටම දින දහයක් තිබියදී මගේ වාර්තා චිත්‍රපටයට ඇතුළු කිරීමට ඇසූ ප්‍රශ්නයකට ඔහු දුන් පිළිතුරෙන් අවසන් කිරීමට කැමැත්තෙමි.
“ඔබට සමාජ ක්‍රියාකාරිකයෙකු වීමට අවශ්‍ය නම් ඔබගේ ජීවිතය ඔබ අසල සිටින පුද්ගලයාගේ ජීවිතයට වඩා වැදගත් නොවන්නේ ය යන මූලධර්මය පිළිගත යුතුය. ඔබ ඔහුට වඩා වැදගත්යැයි සිතන්නේ නම් සාමානත්වය පිළිබඳ සමස්ත පදනම ම බිඳ වැටේ.”
වෛද්‍ය බිනයාක් සෙන් ගැනත් ඔහුගේ වැඩ හා පෞද්ගලිකත්වය ගැනත් වඩාත් විස්තර දැන ගැනීමට මෙම පොත කියවන මෙන් මම ඔබගෙන් ඉල්ලමි.
මම ඔහුගේ පණිවිඩයෙන් අවසන් කරමි.
දකුණු ආසියාවේ ජනතාව- මානව වර්ගයාගෙන් හතරෙන් එකක් – යටත්විජිත වාදයට එරෙහිව කරන ලද දීර්ඝ වූ ද දුෂ්කර වූද අරගලයකින් පසුව දැන් නව අධිරාජ්‍යවාදී ගෝලීයකරණ යුගයක අලුත් අභියෝගවලට මුහුණ දී සිටිති. කලාපය පුරාම ධනවතුන් වඩාත් ධනවත් වෙත්ම, මුළු මහත් ප්‍රජාවන්ගේම ජීවත්වීමේ අයිතිය, කෑමට ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමේ අයිතිය ඇතුළත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි කරනු ලැබ සිටිති. සෑම තැනකම ජනතාව සාමය පතන නමුත් සාමය ළඟා කර ගත හැක්කේ යුක්තිය හා සමානාත්මතාවය සමග පමණි. මෙම අවස්ථාවේ දී මම ශ්‍රී ලංකාව් සිංහල, දෙමළ සහ අනෙකුත් වාර්ගික අනන්‍යතාවයෙන් යුත් සහෝදර සහෝදරියන් වඩාත් යහපත් ලෝකයක් නිර්මාණය කිරීමට මගේ හස්තය දිගු කරමි.
මිනි වෛද්[Minnie Vaid]
‘A Doctor to Defend’ කෘතියේ කතුවරිය
[මෙම පොතේ සිංහල කෘතිය වන ‛සුවපත් වෛද්‍යවරයෙකුගේ කතාව’ ලෙස පරිවර්තනය මහින්ද හත්තක විසිනි.]

Vikalpa

20 November 2011

බල්ලා කිලෝමීටර 700 ක් දුමිරියෙන් යයි


තම ශ්‍රී ලාංකික හාම්පුතා සොයා දින තුනක් දුම්රිය දෙකකින් කිලෝමීටර 700ක් ගමන් කළ බල්ලෙක් අන්තිමේදී හාම්පුතා සොයා ගත්තේය.

ප‍්‍රසන්න ප‍්‍රනාන්දු නම් හාම්පුතු හමුවන තුරු මේ බල්ලා කිසිම කෑමක් බීමක් ගත්තේ ද නැත.


බල්ලාගේ මේ වීර වික‍්‍රම කතාව ඉතාලියේ ඉල් මතීනෝ පුවත්පත ඇතුළු මාධ්‍ය රැසක පළවිය.
සුළු පරිමාණ වෙළද ව්‍යාපාරිකයකු වන ප‍්‍රසන්න ප‍්‍රනාන්දු ඉතාලියේ පාදොවා නගරයේ ජිවත් වෙයි. ඔහුගේ තනි නොතනියට සිටිනුයේ එලූ නැමැති සුරතල් බල්ලෙකි. ප‍්‍රසන්න වෙළදාම සඳහා යුරෝපය පුරාම එලූ ද ඔහු සමග යයි. ඒත් වැඩිපුරම ප‍්‍රසන්නගේ වෙළදාම ඉතාලියේ බොලොඤ්ඤා නගරය සමග බැඳී තිබේ.
ප‍්‍රසන්නත් එලූත් දුම්රියෙන් බොලොඤ්ඤා ගොස් සවස ගෙදර එති. පසුගිය දිනක බොලොඤ්ඤා නගරයේ අධික තදබදයක් පැවති  අතර ප‍්‍රසන්නත් එලූත් මෙම තදබදය නිසා එකිනෙකාගෙන් වෙන්විය. පැය කිහිපයක් තිස්සේ නගරයේ සෑම තැනම තම සුරතලා සෙවූ ප‍්‍රසන්න  අවසානයේදී පොලිස් පොතේ පැමිණිල්ලක්  කැර ගෙදර පැමිණ තම සුරතලා  සොයා ගැනීමට අන්තර් ජාලයේ පිහිට පැතීය.
වසර එකොලහක් මුලූල්ලේ තමා රැකබලා ගත් තම ස්වාමියා  බොලොඤ්ඤා නගරය පුරාම සෙව් එලූද අවසානයේ තමාට හුරු පුරුදු  දුම්රිය ස්ථානයට පැමිණ පුරුදු වේදිකාවෙන්ම තනිවම දුම්රියට ගොඩ වූයේ නැවත ගෙදර යෑම සඳහා විය යුතුය. එහෙත් ඒ වනවිට වේදිකාවට පැමිණ තිබුණේ රෝමය බලා යන ”යුරෝ ස්ටාර්” අධිවේගී දුම්රියයි. අසුනක් යටටවී තම ගමනාන්තයට ළගා වන තෙක් පැය හතරක් පුරා සිටි එලූ අවසානයේදී දුම්රියෙන් බැස ගියේ පාදොවා දුම්රිය ස්ථානය යැයි සිතමිනි.
ඒත් මේ තමාට හුරු පුරුදු වටපිටාව නොවන බව ඉක්මනින්  වටහා ගැනීමට වූ එලූට හැකිවිය. නැවතත් දුම්රිය ස්ථානයට පමිණ තවත් දුම්රියකට ගොඩ විය. ඒත් මෙවරද එලූට වැරැුදිණි. පැය කිහිපයක දුම්රිය ගමනකින් පසු එලූ පැමිණ සිටියේ රිමිනි දුම්රිය පොළේය. කාත් කවුරුවත් නැතිව දුම්රිය ස්ථානයේ ඒ මේ අත යන බල්ලා දුටු ඉතාලි ජාතික කරුණාවන්ත කාන්තාවක් එලූ සමග මිත‍්‍රවිය. පසුව එලූ තම නිවසට රැුගෙන ගියාය. කෑම බීම දුන්න ද  එලූ ඒ කිසිවක් දෙස නොබැලූවේය.  කුමක් හෝ වේදනාවකින් බල්ලා සිටින බව දැනගත් කාන්තාවට දිනකට පසු අන්තර් ජාලය පරීක්ෂා කිරීමෙන් බල්ලා ගැන තොරතුරක් දැන ගැනීමට හැකිවිය. ඒ ඔස්සේ සියලූ විස්තර දැනගත් ඇය තම මෝටර් රථයෙන්ම රිමිනි සිට පාදෝවා නගරයට පැමිණ තමාට එලූ බාරදීමට තරම් කාරුණික වූ බව ප‍්‍රසන්න කියයි. කහ ඉර නැතිව පාර නොපනින මේ බල්ලා කහ, කොළ හා රතු එළි හොඳින් අඳුනයි

Lankadeepa

17 November 2011

එක්නැලිගොඩගේ දේහය මහ මුහුදට දැමූ බව දෙමටගොඩ චමින්ද කියයි

ඝාතනය කොට තිබූ ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ දේහය තමා ඇතුළු පිරිසක් මීගමුව කලපුවෙන් මහ මුහුදට ගෙන ගොස් දැමූ බව පාතාලයේ ප‍්‍රධානියෙකු වන දෙමටගොඩ චමින්ද නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉදිරියේ පසුගියදා ප‍්‍රකාශ කොට තිබේ.
භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දෙමටගොඩ චමින්ද අත්අඩංගුවට ගෙන මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටී.

මොහු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ‘කුඩු දුමින්ද’ මහතාගේ විශ්වාසවන්තම ගෝලයෙකුද වෙයි.
තමා මුහුදට ගෙන ගොස් දැමූ පුද්ගලයා කවුරුන්ද යන්න එම මොහොතේ නොදැන සිටි බවත්, එදින රාති‍්‍රයේ ජැයික් හිල්ටන් හෝටලයේ පැවැති මධුවිත සාදයේදී, මුහුදට ගෙන ගොස් දැමුවේ වෙබ් කාරයෙකු බව ‘ලොක්කා’ (දුමින්ද සිල්වා) තමන්ට පැවැසූ බවත්, ඒ පුද්ගලයා ප‍්‍රදීප් එක්නැලිගොඩ නමැත්තා බව පසුව දැන ගත් බවත් දෙමටගොඩ චමින්ද ප‍්‍රකාශ කර තිබේ.
මෙවැනි මළ සිරුරු කිහිපයක් ‘ලොක්කාගේ ඕඩර්ස්’ මත මහ මුහුදට ගෙන ගොස් දැමූ බව සඳහන් කර ඇති දෙමටගොඩ චමින්ද, ඒ සියලූ දෙනාගේ මළ කඳන් ගෝනිවල දමා බර කළුගල් දමා සකස් කර තිබූ බවද පවසා ඇත.
ඒ සෑම අවස්ථාවකදීම එය ‘බොසාගේ’ (ආරක්‍ෂක ලේකම්) වැඩක් බව ‘ලොක්කා’ තමන්ට ප‍්‍රකාශ කළ බවද චමින්ද සඳහන් කර තිබේ.
‘‘සර්.... මෙයාලා කොහොමත් තව ටික දවසකින් මට ‘ගහලා’ (මරලා) දානවා. අපි මිනී මරපු එක ඇත්ත. ඉන්දියාවෙන් කුඩු ගෙනාව එකත් ඇත්ත. අපි ඒවා කළේ අපේ පෞද්ගලික ඕනෑකමටම නෙවෙයි. ලොක්ක කියපු නිසයි. සර්ලා මේවා එළියට ගිහිල්ලා කියන්න. හෙට අනිද්දා මාවත් මරලා දැම්මට පස්සේ මේ සිද්ධීන් යට ගිහිල්ලා යනවා’’ යැයිද දෙමටගොඩ චමින්ද එම පොලිස් නිලධාරීන් ඉදිරියේ වැඩිදුරටත් පවසා ඇත.
දෙමටගොඩ චමින්ද එසේ පාපොච්චාරණයක් කළද, හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා පසුගියදා ජිනීවා නුවර පැවැති වදහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවේ ප‍්‍රකාශ කර සිටියේ, ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශ රටක දේශපාලන රැකවරණ යටතේ හොඳින් ජීවත්ව සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි

Lankanewsweb

15 November 2011

තම නිදහස පුදා ඔබේ නිදහස වෙනුවෙන් සටන් කරන මැරී ඉපදුණු මිනිසෙකුට යුක්තිය ඉෂ්ඨ කරමු

මා යුධ හමුදා සුබ සාධක අංශයේ සිට හමුදා රෝහල වෙත පා ගමනින් ගියේ මාගේ මිතුරෙක් සමගය. අප යුධ හමුදා නිලධාරි නිල නිවෙස්නයන් පසු කර යනවාත් සමගම මාගේ මිතුරා ඉදිරිය බලමින් කියා සිටියේ මචං අන්න, කමාන්ඩර් සර් එනවා කියාය. එසේ කියනවාත් සමග මා ඉදිරිය බලද්දී දුටුවේ කමාන්ඩෝ සෙබළුන් රැුගත් ඩිෆෙන්ඩර් රථ දෙකකට මැදිව එන යුධ හමුදාපතිවරයාගේ සිල්වර් පැහැති 406 වර්ගයේ ෆෝර්ජෝ වර්ගයේ කාරයත් එයට දෙපසින් යුධ හමුදා පොලිසියේ යතුරු පැදි දෙකක ආරක්ෂාව ඇතිව වේගයෙන් එන රථ පෙලකි.

ඇසිපිය ගහන නිමේෂයක වේගයෙන් පැමිණි යුධ හමුදාපතිවරයා රැුගත් වාහන පෙළ යුධ හමුදා රෝහල අසලට පැමිණෙනවාත් සමග ඒ දෙසින් හෙණ හඬක් නංවමින් පිපිරීමක් සිදුවිය. පිපිරීමත් සමග අවට ප‍්‍රදේශය කළු දුමාරයකින් වැසී ගිය අතර හමුදාපතිවරයාගේ රථයට ආරක්ෂාව දෙමින් පැමිණි යතුරුපැදි දෙක ඉහල අහසේ කරණම් ගසමින් විසි වී යන ආකාරය දුටිමි. මෙය බෝමිබ පිපිරීමක් බවට තේරුම් ගන්න මටත්, මාගේ මිතුරාටත් වැඩිවේලාවක් ගත නොවීය.

බෝමිබය පිපිරුනු ස්ථානයට මාත්, මාගේ මිතුරාත් දිව යනවිට දුටුවේ ඒ අසල හමුදා සෙබළුන් කිහිප දෙනෙක් හා හමුදා රෝහලේ නේවාසිකව සිටින සෙබළුන් බැලීමට පැමිණි ඔවුන්ගේ ඥාතීන් යැයි සිතෙන පුද්ගලයින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්ව සිටින ආකාරයයි. මෙය දුටුවිටම මට හැඟී ගියේ හමුදාපති ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාද බෝමිබ ප‍්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි. ඒ වන විටත් බෝමිබ ප‍්‍රහාරයෙන් සිදුරු වී තිබූ හමුදාපතිවරයා පැමිනිි කාරය වට කරමින් කමාන්ඩෝ සෙබළුන් ආරක්ෂක වළල්ලක් ලෙසින් සිටින ආකාරය මම දුටුවෙමි.

කමාන්ඩෝ සෙබළුන් විසින් වටකරගත් හමුදාපතිවරයා සිටි කාර් රථයේ පිටුපස තිබුනු වම් පස දොර ඇරින. ඒ තුලින් එක් අතකින් සිය උදරය අල්ලා ගෙන අනෙක් අතින් වාහනයට බර දී එළියට පැමිණෙන යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මා දුටුවේ එවිටය. එලියට පැමිණි හමුදාපතිවරයා සිය කාර් රථයටම වාරුදී හිටගෙන ඉන්නා ආකාරයත් ඔහු සිය දෑතින්ම තම උදරය තද කරමින් අල්ලා ගෙන සිටිද්දී ඔහුගේ අතේ ඇඟිලි අතරින් බඩවැල් හා රුධිරය වෑහෙමින් තිබෙන ආකාරයත් දුටු මා විශ්මයටත් බියටත් පත්වීමි.

දරුණු ලෙස තුවාල ලැබු අයෙකු මේ ආකාරයෙන් නිර්භයව ඉන්නවා දැකීම ඉතා පුදුම සහගත වූ අතරම ස්වල්ප මොහොතක් ගතවෙන්නට පෙර එම ස්ථානයට පැමිණි ගිලන් රථයට යුධ හමුදාපතිවරයාව කමාන්ඩෝ සෙබලූන් විසින් ඇතුල් කරනා අකාරයත් දුටුවෙමි.

ඉන් පසු අපට ආරංචි වුයේ යුධ හමුදාපතිතුමන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන බවත්, විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔහුට කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයක් සිදුකරන බවත්ය. පැය 5 කට අධික කාලයක් සිදුකල ශල්‍යකර්මයෙන් පසු යුධ හමුදාපතිවරයාව ජීවිතාරක්ෂක යන්ත‍්‍රයකට සවිකර ඇති බව එදින රාත‍්‍රියේදී දැන ගන්නට ලැබිණි.

යුධ හමුදාපතිවරයාට ශල්‍යකර්මය සිදුකිරිම සදහා උපකාර වීමට කොළඹ ජාතික රෝහලට ගිය යුධ හමුදා රෝහලේ හෙදියක් පසුදින මා හට මුන ගැසුනු අවස්ථාවේදී කියා සිටියේ යුධ හමුදාපතිවරයාගේ පෙනහළු වලට දැඩි ලෙස තුවාල සිදුව ඇති බවයි. පෙනහළු දෙකේ රැුඳී තිබූ සමහර බෝම්බ කැබලි ශල්‍යකර්මයෙන් ඉවත් කළත් ජිවිතයට හානිවේයැයි සිතා තවත් බෝම්බ කැබලි රැුසක් හමුදාපතිවරයාගේ පෙනහළු වලින් ඉවත් නොකර තිබෙන බවත් එක්ස් කිරණ ජයාරූප ය ඇය දුටු බවත් පැවසුවාය.

රුදුරු ත‍්‍රස්තවාදයේ බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලබා ජීවිතයත් මරණයත් අතර සටන් වදින යුධ හමුදාපතිවරයාට ඉක්මන් සුවය පතා කිසිදු ආගම් භේදයකින් තොරව රටේ ජනතාව සති ගණනාවක් පුරා ආගමික වතාවත් පැවැත්වූහ. ඒ අන් හේතුවක් නිසා නොව මේ යුද්ධය ජයගැනීමට නම් හමුදාපති සරත් ෆොන්සේකා ජීවත් විය යුතු බව ජනතාව අතර කුඩා දරුවන් පවා දැන සිටි බැවිණි.

ශල්‍යකර්මයෙන් සති ගණනාවකට පසු ප‍්‍රකෘති සිහිය ලද යුද හමුදාපතිවරයාට වෛද්‍ය උපදෙස් මත දියරමය ආහාර පමණක් ගන්නා ලෙස නියම කෙරිණ. බෝම්බ ප‍්‍රහාරයට ලක්වුවද තමන් උපන් දේශය බේරා ගැනීමට සිතා ඔහු නැවතත් හමුදා මුලස්ථානයේ සිය කාර්යාලයට පැමිණ උතුරේ යුද මෙහෙයුම් සඳහා යලි සිය අණදීම අරඹන ලදී. ත‍්‍රස්තවාදය පරාජය කිරීම යුද හමුදාපතිවරයාගේ ඒකායන අභිප‍්‍රාය විය.

2007 වසරේ අග භාගයේදී දියරමය ආහාර පමණක් ගනිමින් ඔහු යුද්ධය මෙහෙයවුයේ කොළඹ හමුදා මුලස්ථානයේ සිට පමනක් නොව. සතියට වතාවක් වන්නි හා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන වෙතට ගොස් සිය නිලධාරිවරුන්ට වඩාත්ම අවශ්‍ය නායකත්වය හා නිවැරදි මග පෙන්වීමද ඔවුන්ට ලබා දෙමිනි.

හමුදාපතිවරයාගේ පෙනහළු වල තවමත් බෝම්බ කැබැලි තිබෙන නිසා ඔහුට අපිරිසිදු වාතයට නිරාවරණය වීම අහිතකර වූ බව වෛද්‍යවරුන් විසින්ම ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබිණ.
වසර 30 කට අධික කාලයක් රට වෙලා ගෙන තිබු ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හැකිවිය. ඒ ඔහු සතුව තිබූ නිර්භීතකම හා යුධ උපක‍්‍රමශීලීත්වයට පිං සිදුවන්නටය.

සිය හමුදා ජීවිතයෙන් පසු ජෙනරාල් සරත් ෆොන්සේකා 2010 වසරේදී පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත්විය. ඔහුගේ ප‍්‍රතිවාදියා වුයේ රෙජිමාධිපතිවරයාය. ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ කරුණු කිහිපයක් මුල්කරගෙනය..

   
ඒනම්,

1. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිම
2. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරිම
3. පොලිස් නිලධාරියාගේ සිට ආරක්ෂක අංශයන්ට සිය වෘත්තිය නිසි ගෞරවයෙන් යුතුව කරගෙන යැමට හැකි පරිසරයක් ගොඩ නැගීම
4. ¥ෂණයෙන් තොර ජනතාවට වගකියන රජයක් ගොඩනැගීම. ආදිය එහිදී ප‍්‍රධාන විය.

එහෙත් 2010 වසරේ පෙබරවාරි මස 8 වන දින කොළඹ රාජකීය මාවතේ පිහිටි සිය කාර්යාලයේදී ජෙනරාල් සරත් ෆොන්සේකාව අත් අඩංගුවට ගනු ලැබිණ. ජෙනරාල්වරයා අත් අඩංගුවට ගැනීම සඳහා 100 කට අධික අවිගත් හමුදා සෙබළුන් හා යුධ හමුදා පොලිසියේ සෙබළුන් සමග පැමිණ ඔහුව බලෙන් ඇදගෙන ගොස් ජීප් රියකට ඇද දැම්මේ නින්දා සහගත හමුදා ජීවිතයක් ගතකරන හමුදා නිලධාරින් දෙදෙනෙක් වීමද සුවිශේෂි කාරණාවකි.

මින් එක් අයෙක් නම් අණ දීමේ හා යුධ උපක‍්‍රමශීලිත්වය නොමැතිකම නිසා මන්නාරමේ, සිලාවතුර ප‍්‍රදේශයේදී හමුදා සෙබළුන් 117 කගේ මරණ වලට සෘජුවම වගකිව යුතු එවකට 57 වන සේනාංකයේ අණ දෙන නිලධාරී ලෙස සිට පසුව ආරක්ෂක ලේකම්ට කේලාම් කියා උසස්වීම ලැබූ යුධ හමුදා විනය ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියා වන මේජර් ජෙනරාල් ජගත් විජයසිරිය.

මෙසේ අත් අඩංගුවට ගැනීමෙන් පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව රැුගෙන ගොස් රැුඳැවූයේ නාවික හමුදා මුලස්ථානයේ පිරිසිදු වතාවරණය හෝ නොමැති අඳුරු කුටියකය. රටත්, ජාතියත් බේරාගත් අභීත රණවිරුවෙකුට මෙසේ සැලකීම තුල රාජපක්ෂ රෙජීමය බලාපොරොත්තු වූයේ ජෙනරාල්වරයාව සිරකුටිය තුලදීම අවසන් ගමන් යැවීමටය. මන්ද යත්, ජෙනරාල් වරයාගේ සෞඛ්‍ය වාර්තා යුදහමුදා රෝහලෙන් රැුගෙන විත් අපිරිසිදු වාතාශ‍්‍රය ජෙනරාල්වරයාගේ සෞඛ්‍යයට ඉතාම අහිතකර බව ඉන් දැනගෙන එ් සඳහාම කටයුතු කෙළේ ජෙනරාල් ෆොන්සේකාට මරණය ලඟාකර දීමට ය.

පුරා මාස 7 කට ආසන්න කාලයක් අපිරිසිදු වතාශ‍්‍රය සහිත නාවික හමුදා මූලස්ථානයේ සිරකුටියක රඳවා තබා ගත් හිටපු හමුදාපතිවරයාට එරෙහිව විනිසුරු වාර්තා හෝ තබා නොගත් යුධ අධිකරණයන් හමුවේ බොරු චෝදනා එල්ල කරමින් පසුව සිර ගෙට නියම කරන ලදී. විනිසුරු සටහන් හෝ තබා නොගත් කැන්ගරු අධිකරණයක් නීත්‍යාණුකූල අධිකරණයක් ලෙස නීතිය විසින් පිළිගත්තේ ලංකාවේ ශිෂ්ඨ සම්පන්න නීතියක් නැතැයි යන්න මුළු ලොවටම ඔප්පු කරමිනි.

අදද හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් ජෙනරාල් සරත් ෆොන්සේකා ගැන ඇත්තේ අප‍්‍රමාණ සෙනහසකි. එහෙත්, රෙජිමාධිපතිවරයාගේ යකඩ සපත්තුවට පැගී තිබෙන ඔවුන්ගේ හඬ පිටතට ඇසෙන්නේ නැත. යුක්තියේ නාමයෙන් තමන් යටපත් කරන් සිටින යකඩ සපත්තුව පෙරලා වීසි කර දැමීමේ කාලය දැන් එලැඹ ඇත.

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් මැරී ඉපදුනු ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවා අද සිටින්නේ සිර කුටියකය. කෝටි දෙකකට අධික මෙරට ජනතාවට නිදහසේ හුස්ම ගත හැකි වතාවරණයක් උදාකර දුන් ඒ අභීත සෙන්පතියා සිය ජිවිතයට හානි ගෙන දෙන අඳුරු කුටියකට වී දිවි ගෙවා දමන්නේ තමන්ට හුස්ම ගැනීම අහිමි කල පිරිසිදු වාතාශ‍්‍රය පොදක් හෝ නොලබාම ය. ඔහු පවතින දුෂ්ඨ රෙජීමය හා එකඟ වන්නේ නම් ඔහුට හෙට සියළු සැප සම්පත් උදාවන බව ඔහුත් සියල්ලෝමත් දනී. නමුත් ඔහු අද ත් යටත් නොවී සටන් කරන්නේ කුමක් සඳහාද? මුළු රටක් පෙළන දුෂ්ඨ රෙජීමයෙන් රටේ ජනතාව නිදහස් කර ගැනීමට නොවේද? තම නිදහස පුදා ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් කරනා මේ ශ්‍රේෂ්ඨ මිනිසාට ඔබ විසින් සාධාරණය ඉටුකර ඇත්දැයි තම හෘද සාක්ෂියෙන් විමසා බලන්නැයි ඉල්ලමු.

(කැප්පෙටිපොළ නිලමේ විසිනි -මතු සම්බන්ධයි-*

Lankaenews

14 November 2011

නුගේගොඩින් පැහැරගත් පොත් සාප්පු හිමිකරු දින දෙකකට පසු කැළණිමුල්ලෙන් අතහැර දමා යයි: බණ්ඩාර මහතාගේ බිහිසුණු අත්දැකීම


පසුගිය 11 දා රාත‍්‍රී පැහැරගැනීමට ලක්වූ නුගේගොඩ මිලේනියම් බුක් ෂොප් හි අයිතිකරු කපිල චමින්ද බණ්ඩාර මහතා ඊයේ(13* රාත‍්‍රී කැළණිමුල්ල ප‍්‍රදේශයට ගෙනත් අතහැර දමා ගොස් තිබේ. සිය බිහිසුණු අත් දැකීම ඔහු ‘ලංකා ඊනිව්ස්’ වෙත හෙළි කෙළේ මෙසේය.

‘11 දා ? 8.30 ට විතර පස්සෙ මාව අත් අඩංගුවට ගත්ත. ඇත්තටම කිව්වොත් අත් අඩංගුවට ගත්ත නෙමේ බලහත්කාරයෙන් පැහැර ගත්ත. මම කඬේ වහල යන්න හදද්දි 6 දෙනෙක් විතර පිරිසක් සුදු වෑන් එකකින් ඇවිත් බලහත්කාරයෙන් පිස්තෝලයන් පෙන්වා මාව දාගත්ත. ඒ වෙලාවෙදි ඔවුන් මට සහ අවට සිටි අයට කීවේ ඔවුන් සීඅයිඩියෙන් කියලයි.’

‘මාව දාගත්ත ගමන් මගේ අත් දෙකයි ඇස් දෙකයි ගැට ගැහුවා. ගැට ගහල වෑන් එකේ අන්තිම ෂීට් එකේ බුදිකරවාගෙන ගෙනිච්ච. මට ඉන්න වුනේ මා පැහැර ගත්ත අයගේ කකුල් උඩ බොහොම අපහසු ඉරියව්වකින්. එහෙම පැය දෙකක තුනක දුරක් මාව ගෙනිච්ච.’

‘පසුව එක තැනකට ආවට පස්සෙ බැස්සුවා. කොහේ හරි ඇතුලකට ගෙනිච්ච. ඊට පස්සෙ අත් දෙක ගැට ගහල තිබුණු පටිය වගේ එක ගලවල දම්වැලක් වගේ එකකින් අත් දෙකම ගැට ගහල එ්ක බිත්තියක තිබුණු මොකක් හරි එකක ගැට ගැහුව. සාමාන්‍යයෙන් මගේ දකුණු අත උරහිසින් පනිනව. එ් ඉරියව්වට ගැට ගැහුවම මගේ උරහිස පනින බව කීවම උන් දකුණු අත නිදහස් කළා. ‘හැබැයි උඹ එ් අතින් ඇස් දෙක ඇර ගත්තොත් උඹට වෙඩි තියල මරනව’ කියල තර්ජනය කළා. මම බයටම ඇස් ඇරගන්න ගියේ නෑ. එදා ? කන්න ගෙනත් දුන්න.’

‘පහුවදාට එළිවුනා. උන් මාව වැසිකිලියට එක්ක ගියා. හැබැයි ඇස් බැඳලමයි තිබුණෙ. කන්න දුන්න. වරින්වර ඇයි මාව ගෙනාවෙ? ඇයි මෙහෙම මට කරන්නෙ? ආදී මගේ නිර්දෝෂීකම ගැන කතා කළ හැම වෙලාවකම කිසිවෙක් උත්තර දුන්නෙ නෑ. මට තර්ජනය කළා ‘කට පියාගෙන හිටපං නැතිනම් වෙඩිතියල දානව’ කියල. නැතිනම් ‘මැරුම් නොකා කට පියාගෙන ඉඳපං’ කියල කීව මිසක් ඇයි ගෙනාවෙ කියල කීවෙ නෑ.’

‘ඊට පසුවදා එ් කියන්නෙ 13 දා දවල් මාව එළියකට අරන් පුටුවකට තියල බැන්ද. ප‍්‍රශ්න කිරීමකට වගේ ලැහැස්ති වුනා. කාගෙද නමක් කියල උගේ ගෝලයෙක් ද කියල ඇහුව. එ් අහපු නම මට මතක නෑ. මම කම්පනයක හිටියෙ. මගේ නමටත් තුෂාර කෑල්ලක් තියෙනවා. මම චමින්ද තුෂාර බණ්්ඩාර. මට තෙරුණු විදිහට තුෂාර කෙනෙක් ගැන තමයි උන් හෙව්වෙ ඇහුවෙ. පස්සෙ බොස් කියල කෙනෙක් ආව. එ් මිනිහ ඈත තියාම මේ මොකෙක්ද? කියල ඇහුව. උන් වෙන කාමරයකට ගිහින් කෑ කෝ ගහනව ඇහුන. මේ මුළු කාලෙම මගේ ඇස් බැඳල තිබ්බෙ.’

‘මාව එහෙමෝම තියල තිබුන පස්සෙ. කන්න ගෙනත් දුන්න. ඊට පස්සෙ පුටුවෙන් ලිහල මගේ අත් දෙක ආයිත් රෙදි පටියකින් වගේ එකකින් බැඳල වෑන් එකකට දාගත්ත. ගෙනිච්ච වගේම දුරක කාලයක් පැය දෙකක් තුනක් විතර කාලයක් යලි වෑන් එකේ දාගෙන ආව. ඇවිත් එක තැනකදි අත් දෙක ගලවල වෑන් එකෙන් බැස්සුව. බස්සල ඇස් දෙක ගලවල ‘පස්ස බලන්නෙ නැතුව ඉස්සරහට පලයං, පස්ස බැලූවොත් වෙඩි තියනව’ කීව. එ් වෙලාවෙ වැස්ස. මම ඇස් ඇරියට මුකුත් පෙනුනෙ නැහැ. මම එහෙමම ඉස්සරහට ගියා. දෙපැත්තෙම වෙලක් වගේ තිබුණ. ගොඩක් දුර ගිහිල්ල පස්ස බැලූව වෑන් එකක් තිබුණෙ නෑ. මම එහෙමම ඇවිද ගෙන ආව. පස්සෙ කඩයක් වගේ තැනකට ආව. එ් වෙලාවෙ ? 9 ට විතර ඇති. එතකොට දැනගන්න ලැබුන මම ඉන්නෙ කැළනිමුල්ලෙ කියල.’

‘උන් මාව පහැර ගන්න කොට මගේ ෆෝන් එක අරගත්ත. අත් ඇරල දාද්දි ෆෝන් එක ආපහු සාක්කුවට දාල තිබුණ. මම එ්කෙන් මගේ යාලූවෙකුට කෝල් එකක් දීල ඉන්න තැන කියල. වාහනයක් ගෙන්න ගෙන ආව. එදා මාව පැහැර ගනිද්දි මගේ අතේ සල්ලි තිබුණ. උන් එ් සල්ලි අරගත්ත. අත් ඇරල දාන කොට එ් සල්ලිත් ආපහු සාක්කුවට දාල තිබුණ.’


පැහැර ගත්තවුන් ගැන බණ්ඩාර මහතාගේ තක්සේරුව මෙසේය:

‘උන් අතේ ආයුධ තිබෙන බව තේරුණා. හැම වෙලාවෙම කතා කෙළේ කුණුහරුපත් එක්ක බොහොම රළු විදිහට. මම දේශපාලනයක් කරන්නෙ නෑ. 2003 විතර ඈත කාලෙක ජනතා විමුක්ති පෙරමුණට පක්ෂව ඉතා සුළුකාලයක් ක‍්‍රියා කරල 2003 දි ඉන් ඉවත් වෙලා තියෙනව. ඊට පස්සෙ කසාද බැඳල දරු මල්ලො හදාගෙන ව්‍යාපාර දියුණු කරගෙන ගියා. මට ව්‍යාපාරික සතුරන් එහෙම කවුරුත් නෑ. මම හිතන්නෙ මුන් කවුරු හරි කියල මාව වරදවා වටහා ගත්තා කියලයි.’

2010 ජනවාරි මාසයේදී අතුරුදහන් කරන ලද ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාද ඊට පෙර අගෝස්තු මාසයේ දිනක මෙලෙසම පැහැරගෙන ගොස් දින දෙකකට පමණ පසු අතරමගට ගෙනැවිත් දමා තිබිණ. ඔහු අප වෙත එදා කී කතාවත් මේ කතාවත් දෙකම සියයට අනූවකින්ම එක හා සමාන ය. එක්නැලිගොඩ මහතා ද සිතා සිටියේ කවුරුන් හෝ පැහැර ගත්තවුන්ට එදා වැරදුනා කියා ය.

Lankaenews

යාපනයේ ගණිකා නිවාසයක් වටලයි -13 දෙනෙකු අත්අඩංගුවට


යාපනය නගරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා යාපනය පොලිසිය විසින් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.දිගුකාලයක සිට යාපනයේ හෝටලයක් තුළ මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බව වාර්තාවේ.
ඊයේ(13) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් පිරිස අතර හෝටලයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු වන බව සඳහන්ය.
ද්‍රවිඩ දේශපාලන පක්ෂයක ප්‍රබල සාමාජිකයෙකු විසින් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වී ඇතැයි යාපනය පොලිස් ස්ථානභාර නිලධාරී සමන් සිගේරා මහතා පැවසීය.අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(14) යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හදවතයි වකුගඩුයි ගැලවූ සිරුරක් ලංකාවට එවයි

හත් මාසයකට පෙර කුවේට් ගෘහ සේවය සඳහා අනුරාධපුරයෙන් ගිය තරුණියක හදිසියේ මළ බව පවසමින් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ හදවත වකුගඩු හා ආමාශයේ ඉන්ද්‍රියයන් නැතිව බව මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ. දයාපාල මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේදී කීවේය. එම අවයව ඉවත් කළ බව කුවේට් සිට එවූ මරණ සහතිකයේ සඳහන්වී නැති බව ඇයගේ ඥාතීහු කියති. සත් හැවිරිදි දියණියකගේ මවක වන කලාවැව විජිතපුර අලූත් පුලියන්කුලමේ ශ්‍යාමලී කුමාරි ගුණවර්ධන (28) මියගිය කාන්තාවයි.


lankadeepa

13 November 2011

ශී‍්‍ර ලංකාව අන්තර්ජාල සිතියමෙන් ඉවත් නොකර වෙබ් අඩවියක් වාරණය කිරීමට ආණ්ඩුවට බැහැ

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුව

හර්ෂා රූපරත්න [Sunday, November 13, 2011]
ශ‍්‍රී ලංකාව තුළ වෙබ් අඩවි ක‍්‍රියාත්මක වීම හා සම්බන්ධ නීතිමය පසුබිම හා ඒවා වාරණයන්ට ලක්වීමේදී බලපාන නීතිමය තත්ත්වය කෙබඳුද?

ප‍්‍රධාන වශයෙන්ම ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1) අ වගන්තිය යටතේ සෑම පුරවැසියෙකුටම භාෂණයේත් ප‍්‍රකාශනයේත් අදහස් පළ කිරීමේත් මූලික අයිතියක් තිබෙනවා. ඉතින් වෙබ් අඩවිවලටත් ඒ නීතිය ඒ අයුරින්ම බලපානවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර දී තිබෙන එම මූලික අයිතියට අමතරව වෙබ් අඩවිවලට බලපාන තවත් පනත් තිබෙනවා. 2003 අංක 24 දරණ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ පනත යටතේ පෞද්ගලික තොරතුරු හා දත්ත තබාගැනීමේ රාමුවක් ඇතිකරලා තිබෙනවා. 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රෝනික ගනුදෙනු පනත අන්තර්ජාල වාණිජ්‍ය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මකයි. ඊට අමතරව පරිගණක අපරාධ පනත හා බුද්ධිමය දේපළ පනත හරහාත් වෙබ් අඩවිවලට නීතිමය බල පෑමක් ඇතිවනවා. නමුත් කිසිදු අධිකරණයකින් තීරණයක් දීලා නැහැ මේ මේ නීතිය මේ මේ වෙබ් අඩවියට බලපානවා කියලා.

2009 අවුරුද්දේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අසභ්‍ය වෙබ් අඩවි 12 ක් තරනම් කළා. මම දන්නා හැටියට මේ වෙබ් අඩවි 12 විතරයි මෙතෙක් කලක් අධිකරණය දුන් තීන්දුවන් හරහා තහනම් කළේ.

මේ සති අන්තයේ ප‍්‍රවේශය වළක්වපු වේ අඩවි 5න් 2007 ජුලි මාසයේ ටැමිල්නෙට් වෙබ් අඩවියත් 2010 ජනවාරි මාසයේ වාරණය කළ වෙබ් අඩවි 5ත් 2010 සිට අද වනතුරු විටින් විට ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණය කිරීමත් කිසිදු නීතිමය පදනමක් නැතුවයි කරලා තිබෙන්නේ. විදුලි සංදේශ නියාමන කොමිසම කියනවා මේක සිදුවන්නේ ඔවුන්ගේ නියෝගයකින් නෙමෙයි කියලා. එතකොට ප‍්‍රශ්නයක් ඇතිවෙනවා කවුද මේ නියෝගය දෙන්නේ කියලා.

අන්තර්ජලය කටයුතු කරන්නේ අංකන ක‍්‍රමයකට අනුව. හැම වෙබ් අවියකටම නමක් තිබෙනවා. ඒක පරිවර්තනය වෙනවා නොම්මරවලට. ආණ්ඩුව විසින් ප‍්‍රවේශවීම වැළැක්වීමට අවශ්‍ය වෙබ් අඩවි වල නොම්මර අන්තර්ජාල පහසුකම් සපයන්නන් වෙත ලබා දෙනවා.(Internet Service Providers) ඔවුන් ආණ්ඩුව කියන කියන ආකාරයට ඒ දේ කරනවා. ඒක ප‍්‍රශ්නයක්.

ගූගල් වෙබ් ජාලය විසින් සෑම අවුරුද්දකම ලෝකයේ රටවල් එම ජාලයෙන් යම් යම් තොරතුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලීම් මොනවාද කියලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ අවුරුද්දේ ඒ ගොල්ලෝ කියනවා ප‍්‍රථම වතාවට ලංකාවෙන් ඉල්ලීම් 10 ක් ඉදිරිපත්වෙලා තිබෙනවා කියලා. අපි දන්නේ නැහැ ඒ මොනවාද කියලා. යූ ටියුබ් වීඩියෝ එකක් හෝ බ්ලොග් පෝස්ට් එකක් හෝ ගූගල් සර්ච් රියල්ටි එකක්, ගූගල් මැප්වල තිබෙන යම් ස්ථානයක් වෙන්න පුළුවන්. අපි හරියටම මොකක්ද කියලා දන්නෙ නැහැ. නමුත් ඉල්ලීම් 10ක් කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් අන්තර්ජාල පහසුකම් සපයන්නන් ක‍්‍රියාකළ යුත්තේ ඒ ආකාරයටයි. අණ්ඩුවකින් හෝ පැහැදිලි නීතිමය මාර්ගයකින් ඒ ක‍්‍රියාමාර්ග ගත යුතුයි.

අධිකරණ තීරණයකින් වාරණය කරපු වෙබ් අඩවි 12 ඇරෙන්න අනෙක් වාරණයන් නීතිමය පදනමකින් පරිබාහිරව සිදු කළ දේවල්. ඒවා අපි ප‍්‍රශ්න කළ යුතුයි. ඒ වගේම අපි හැමෝම දන්නවා ඒවාට අභියෝග කරන අයට මොනවගේ තත්ත්වයක්ද ඇතිවෙන්නේ කියලා. මෙවන් තත්ත්වයක් තුළ ඔන්ලයින් වෙබ් අඩවියකට ඇත්තටම බලයක් නැහැ. ඒ වෙනුවෙන් නීතිමය පැත්තෙන් හඬ නගලා සහනයක් ලබාගන්න හැකියාවක් නැහැ. ඕක තමයි යථාර්ථය.

ලංකාවෙන් පිටත කරන වෙබ් අඩවියක් ලංකාව ඇතුළේ අන්තර්ජාල පහසුකම් සපයන්නන් විසින් වාරණය කළාම කරන්න දෙයක් නැහැ.

ආණ්ඩුව විසින් කරන අන්තර්ජාල වාරණය එහි ප‍්‍රතිඵලයක් කියා ඔබ හිතනවාද?

වෙබ් අඩවියක් වාරණය කළාට පස්සේ විකල්ප මාර්ගයක් හොයාගන්න එක හරිම අමාරුයි. ලංකාවේ වාතාවරණය හරියටම අධ්‍යයනය කරලා වෙබ් අඩවියක් පටන්ගන්න අවස්ථාවෙම හොඳ යටිතල තාක්‍ෂණ පදනමක් සාදාගත යුතුයි. යම් වාරණයක් සිදුවුණොත් විකල්ප මාර්ගයකින් ප‍්‍රකාශනය කරන්න ඉඩ ප‍්‍රස්ථාව තිබෙන යටිතල තාක්‍ෂණ පදනමක් තිබිය යුතුයි. වාරණයකින් පස්සේ ඒ දේ කරන්න හරිම අමාරුයි. ඕක තමයි ඇත්තටම විකල්පයක් නැහැ කියලා කියන්නේ.

මීට මාස ගණනකට ඉස්සෙල්ලා අපේ groundviws වෙබ් අඩවිය වාරණයකට ලක්වුණා. අපි ඒක පටන් ගන්නකොටම දැනගෙන හිටියා යම් වාරණයකට ලක්වෙයි කියලා. ඒ නිසාම ඊට අවශ්‍ය යටිතල තාක්‍ෂණික පදනමක් සහිතවයි එය නිර්මාණය කළේ. එවන් අවස්ථාවක වාරණයකට හසුකිරීම හරිම අපහසුයි.

ආණ්ඩුව විසින් මේ වගේ දේවල් කරන එක හරි මෝඩයි. මොකද ඒක කරන්න බැහැ අපි අරාබි වසන්තය ගත්තොත් සිරියාව, ටියුනීසියාව, ඊජිප්තුව ඉරානය වගේ රටවල් මෙවන් වාරණයකට ගියා. ෆේස්බුක්, ට්විටර්, වෙබ්, ජංගමදුරකතන හරහා අරාබි වසන්තය සිදුවුණු කියලා මම කියන්නේ නැහැ. ඒක මීට වසර ගණනාවකට පෙර පටන්ගත්තේ මිනිස්සු විසිනුයි. ඒක මීට තාක්‍ෂණික වසන්තයක් හෝ අරගලයක් නෙමෙයි. නමුත් ඒකට ඒ දේවල් යම් ආකාරයකට දායක වුණා. අරාබි වසන්තය මේ වාරණ සඳහා උදාහරණයක් හැටියට ගත්තොත් ඊජිප්තුවේ මුබාරක් ඔහුගේ අවසන් දින කිහිපය තුළදී බරපතළ ලෙස අන්තාර්ජාල වාරණයකට ලක්කළා. එ කොතෙක්ද කිව්වොත් මුළු රටේම අන්තර්ජාල පහසුකම්, ජංගම දුරකතන පහසුකම් 100% ක්ම නවත්වලා දැම්මා. රටක් හැටියට ඊජිප්තුව අන්තර්ජාල සිතියමෙන් ඉවත්වුණා. ඕක තමයි මේ වාරණයේ අවසාන අවස්ථාව. මේ දේ නොකර, ඒ කියන්නේ අන්තර්ජාලයේ ස්විචය නිවා දමන්නේ නැතුව වාරණයකට ලක්කරන්න බැහැ. ඒක මෝඩයි. අනෙක් කාරණය තමයි මේ වාරණයෙන් සිද්ධවෙන්නේ සාමාන්‍යයෙන් එම වෙබ් අඩවිය නොබලන අයත් ප්‍රොක්සි හරහා ඒක බලන්න පටන්ගන්න එක. මීට මාස ගාණකට ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රසිද්ධ මාධ්‍යයට කියලා තිබුණා ලංකාවට වාරණයක් ඇති කරන්න තරම් තාක්‍ෂණයක් නැහැ කියලා. හැබැයි වාරණයක් ඇතිකළ යුතුයි කියලත් ප‍්‍රකාශ කරලා තිබුණා. ඉතින් එවන් තාක්‍ෂණයකුත් නැත්නම් වෙනත් රටවල්වලත් ඒ සඳහා සහය ලැබෙන්නෙත් නැත්නම් මේ දේ සිද්ධ කිරීමේ අවසාන අරමුණ ලංකාව ඊජිප්තුව වගේ අන්තර්ජාල සිතියමෙන් ඉවත් කිරීම නම් මම හිතන්නේ පශ්චාත් යුදවාතාවරණයකදි එය අනුවණ කටයුත්තක්. වෙබ් අඩවිවල තිබෙන දේවල් නිසා ආණ්ඩුවට හෝ පුද්ගලයන්ට යම් අපහාසයක් වෙනවානම් ඒකටත් ක‍්‍රියාමාර්ගයක් ගන්න නීතිමය පද්ධතියක් තිබෙනවානේ. ඇයි වාරණය කරන්නේ? ඊ නිව්ස් කර්තෘට උසාවියට යන්න වුණේ ඒ නීතිය අනුව කටයුතු කළ නිසානේ. මට හිතාගන්නට අපහසුයි මේ වාරණය කිරීම හරහා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. මේක උඩ බලාගෙන කෙළ ගහගන්නවා වගේ වැඩක්. තාක්‍ෂණික අතින් මේක ලේසි වැඩක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රොක්සි හරහා මේවට ප‍්‍රවේශ වීම නවත්වන්න බැහැ. එකක් නැතිවුණොත් තවත් එකක් තිබෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ tor කියලා තමාගේම පරිගණකයට එකතුකරගත හැකි මෘදුකාංගයක් තිබෙනවා. ඒ මගින් කිසිම ප්‍රොක්සි එකකට නොගිහින් ඕනම වෙබ් අඩවියකට යන්න පුළුවන්. ඒ හරහා කිසිදු වාරණයක් කරන්න බැහැ. ඒ වගේම blogger.com හෝ wordpress.com එකක පළ කරන්න පටන්ගත්තොත් මොකද කරන්නේ? නොමිලේ බ්ලොග් එකක් ඇරඹුවොත් තමාගේ නම හෝ බ්ලොග් එකේ නම තමයි ඒකට භාවිත වෙන්නේ. ඒ නම වාරණයකට ලක්කරන්න බැහැ. වාරණය කරනවානම් සම්පූර්ණයෙන්ම blogger.com හා wordpress.com එකම වාරණය කරන්න වෙනවා. එහෙම කළොත් මිලියන ගණනකට ඒ පහසුකම නැති වෙනවා. ඒ වගේම ෆේස්බුක් එකේ කුමක් හෝ ලියන්න පුළුවන්. ට්විටර් එක හරහා වචන 140 කින් යම් දෙයක් කියන්න පුළුවන්. එතකොට මොකක්ද කිරන්නේ? මෙහෙම තත්ත්වයක් තිබියදී ආණ්ඩුව ඇයි මේ මාර්ගයේ යන්නේ. එක්කො මේ දේ කරන අය මේ ගැන පැහැදිලි අදහසක් නැතුවයි මේ දේ කරන්නේ. අපි දන්නවා ලංකාවේ පැහැදිලිවම මේ මාර්ගයේ යන්නේ නැතුව වාරණයක් සිදුවෙලා තිබෙනවා. වාරණයක් කිරීමට අවශ්‍යනම් ඒකට විකල්ප මාර්ග තිබෙනවා. හැබැයි මේ මාර්ගෙ ගියොත් වාරණය රහසින් කරන්න බැහැ. මුළු ලෝකෙටම පේනවා මොකක්ද කරන්නේ කියලා. උපායමාර්ගයක් හැටියට මේ මග වැරදියි.

පශ්චාත් යුද වාතාවරණය තුළ විශේෂයෙන් තරුණයන් සිතනවා ඔවුන්ට එන්න එන්නම හඬක් තිබෙනවා කියලා. ජනවාරි මාසේ ජනාධිපති මැතිවරණය සමයේ ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා වන මහින්ද රාජපක්‍ෂටත්, සරත් ෆොන්සේකාටත් යූ ටියුබ් චැනල් එකක්, ෆ්ලිකර් ඡුායාරූප පිටුවක්, ට්විටර් හා ෆේස්බුක් යන හතරම තිබුණා. එතකොට ජනවාරි මාසෙට මැතිවරණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා ප‍්‍රථම වරට ඡුන්ද ප‍්‍රකාශ කරන පිරිස මිලියනයකට අධිකයි කියලා. මොවුන් වයස 19-20 අය. මේ වයසේ අය පුවත්පත්වලට සම්බන්ධවෙලා ඉන්නවා. නමුත් පුවත්පත්, ගුවන්විදුලි හා රූපවාහිනිය හරහා නෙමෙයි. ඔවුන් අන්තර්ජාලය හරහා ප‍්‍රවෘත්ති සමඟ සම්බන්ධ වෙනවා. මේ තත්ත්වය තුළ සම්පූර්ණ වාරණයක් කරන්නේ කොහොමද?

බොහෝ දුරට මේ වාරණයන් සිදු කිරීමේ පදනම ලෙසට දක්වන හේතුව තමයි වෙබ් අඩවිවල ඇතුලත් තොරතුරු නිවැරදි නොවීම හා අපහාසාත්මක දේ ප‍්‍රකාශ වීම කියන එක?

රටක් හැටියට ගත්තොත් ලංකාව තුළ මාධ්‍ය සාක්‍ෂරතාව පිළිබඳ සාකච්ඡුාවක් ඇතිකළ යුතුයි. අපේ රටේ සාක්‍ෂරතාව ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් එම සාක්‍ෂරතාවය හා මාධ්‍ය සාක්‍ෂරතාවය හාත්පසින්ම වෙනස්. කියවීමේ ලිවීමේ හැකියාව තිබුණ කියල අපිට කියන්න බැහැ ඔහු අහන දකින දේ තුලනය කරන්න. ප‍්‍රශ්න කරන්න ඔහුට හැකියාවක් තිබෙනවා කියලා. ලංකාවේ පාසල්වල ඒ අධ්‍යාපනය ඔවුන්ට ලැබෙන්නේ නැහැ. විශ්ව විද්‍යාලවල ජනමාධ්‍ය උපාධි සඳහා උගන්වන්නේ 1960 ගණන්වල විෂය නිර්දේශ. ඉතින් කිසිම අධ්‍යාපනයකින් පුරවැසියන්ට කියලා දීලා නැහැ තමන් අහන දකින දේ ප‍්‍රශ්න කරන්න. මම කියන්නේ නැහැ පාරට බහින්න කියලා. අරගලයකට සූදානම් වෙන්න කියලා තමන්ගේ දේශපාලන මතයට පක්‍ෂපාතී දෙයක් වුණත් ප‍්‍රශ්න කිරීමට මිනිසුන් හුරුවිය යුතුයි. ලංකාවේ මිනිස්සු කියවන දේ විශ්වාස කරනවා. ඒක හරිම භයානකයි. යුද්දෙකින් පස්සේ පුරවැසියන් තමන්ගේම කියලා පුරවැසි මාධ්‍යයක් බිහිකරගන්න හදනවා නම් මාධ්‍ය සාක්‍ෂරතාව කියන්නේ එහි එක් කුළුනක්.

අනෙක් වැදගත්ම කාරණය තමයි වෙබ් අඩවිවලට ආචාරධර්ම පද්ධතියක් තිබීමේ අවශ්‍යතාවය. පුවත්පත්වලට ආචාරධර්ම පද්ධතියක් තිබෙනවා.2008 වසරේ ජනමාධ්‍ය විද්‍යාලය හා පුවත්පත් පැමිණිලි කොමිසම එක්වී එම ආචාරධර්ම නැවත සකස් කර ගැනීමේදී වෙබ් අඩවි පිළිබඳවත් ඇතුළත් වෙලා තිබෙනවා. ඇතැම් බ්ලොග් අඩවි පවත්වාගෙන යන පිරිස සාමාන්‍ය මාධ්‍යකරුවන් තත්ත්වයටම පත්වෙලා තිබෙනවා. ඔවුන්ටත් මේ ආචාරධර්ම තිබිය යුතුයි. ජනමාධ්‍ය කියන එක වෘත්තීය මාධ්‍ය කරුවන්ට පමණක් නියම වූ දෙයක් නෙමෙයි. සාමාන්‍ය පුරවැසියෙකුටත් මාධ්‍යයක් හදන්න පුළුවන්. නමුත් ඔවුන්ටත් ආචාර ධර්ම පද්ධතියකට යටත්වෙලා ලියන්න සමාජ වගකීමක් තිබෙනවා.

2006 groundiviews වෙබ් අඩවිය පටන්ගත් අවස්ථාවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට වෙබ් අඩවියකට අචාරධර්ම පද්ධතියක් ඇතුළත් කළා. අද වනතුරුම ආචාරධර්ම පද්ධතියක් යටතේ ක‍්‍රියාත්මක වන එකට වෙබ් අඩවිය groundiviews පමණයි. එහි සාකච්ඡුාවට භාජනය වන්නේ පුද්ගලයන් පිළිබඳ නෙමෙයි. යම් යම් සමාජ ප‍්‍රශ්න හා සිද්ධි පමණයි.

මෙය තේරුම්ගත යුතුයි. ආචාරධර්ම පවතින්නේ අදහස් පළකිරීමේ අයිතිය තහවුරුකිරීම මිස වාරණය කිරීමට නෙවෙයි. ආචාරධර්ම පද්ධතියක් නැති නිසා වාරණයකින් මේ දේ කරන්න පුළුවන් කියලා හිතන එක මෝඩ සිතුවිල්ලක්.

ප‍්‍රධාන පෙළේ මාධ්‍ය අතර මේ සාකච්ඡුාව ඇතිවිය යුතුයි. නමුත් අකමැත්තෙන් වුණත් ප‍්‍රකාශ කිරීමට සිදුවන සත්‍ය තමයි බොහෝ මාධ්‍යකරුවන් හා විශේෂයෙන්ම කර්තෘවරුන් බොහෝම ගතානුගතික අදහස්වලයි ඉන්නේ. මෙහෙම ඉදිරියට යන්න බැහැ. ඒ අයගේ යුගය ඉවරයි. ඒක පිළිගන්න බැරි මාධ්‍යයන් දියුණු වෙන්නේ නැහැ.

මේ වෙබ් අඩවි ආචාරධර්ම පිළිබඳ වෘත්තිය මාධ්‍යකරුවන් අතර සාකච්ඡුාවක් පමණක් ප‍්‍රමාණවත් නැහැ. මේ තුළ සිටින්නේ බෙහෝ විට සාමාන්‍ය ජනතාවයි. බලගැන්විය යුත්තේ සාමාන්‍ය ජනතාව බව පැවසුවොත්?

ඒක හරි. පුරවැසියන් අතරත් අනිවාර්යයෙන්ම පුරවැසියන් හා මාධ්‍ය අතරත් ඔවුන්ගේ වගකීම ගැන සාකච්ඡුා ඇතිවිය යුතුයි.

මම මීට සුමාන 5-6 කට ඉස්සෙල්ලා ඊජිප්තුවේ කයිරෝවලයි හිටියේ. එහිදී මොනා ෂහිම් කියලා ඊජිප්තු අරගලයේ ඉදිරියෙන්ම සිටි සමාජ ක‍්‍රියාකාරිකයෙකු මට මුණගැසුනා. මම ඔහුගෙන් ඇහුවා මීළඟට මොකක්ද වෙන්නේ කියලා. ඔහුගේ අදහස තමයි දැන් අරගලය ඉවරයි. එහෙත් ඊජිප්තුවේ මිනිසුන් තුළ පුරවැසිභාවය පිළිබඳව අල්පමාත‍්‍ර දැනුමක් හෝ නැහැ. ඔවුන් දන්නේ නැහැ පුරවැසියන් හැටියට කළ යුත්තේ කුමක්ද කියලා. ඔහු පුරවැසිභාවය පිළිබඳ වෙබ්, ෆේස්බුක්, ට්විටර් හා ජංගමදුරකතන හරහා සාකච්ඡාවක් ඇතිකරමින් යනවා. ශ‍්‍රී ලංකාවේ අපිත් වසර 27 ක් තුළම සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක නෙමෙයිනේ. ඡන්දය දීමේ අයිතිය ඇරෙන්නට ඔවුන්ටත් පුරවැසිභාවය පිළිබඳ හැඟීමක් නැහැ. යුදමය තත්ත්වයකින් පස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉඩක් ලැබිලා තිබේනම් මේ සාකච්ඡා ආරම්භ කළ යුතුයි. ඒ සඳහා යටිතල පහසුකමක් හැටියට නවමාධ්‍යට ඉඩ ප‍්‍රස්ථා ලබාදීම අත්‍යවශ්‍යයි.

ඒ වගේම ටියුනීසියාවේ බෙන් අලීව පිටත් කළෙත් ඊජිප්තුවේ හොස්නි මුබාරක්ව පිටත් කළෙත් ෆේස්බුක් ට්විටර් මොබයිල් නෙමෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ මිනිස්සු ඝාතනය වීම් වැනි දේවල් හරහා ඒ රටවල් තුළ කතිකාවතක් ඇති වෙලා තිබුණා. එවැනි සිවිල් සමාජයක් නැති ලංකාව වගේ රටක, පුරවැසිභාවය පිළිබඳ හැඟීමක් නැති රටක නව මාධ්‍ය හා මාධ්‍ය සාක්‍ෂරතාවක් නැති රටක ෆේස්බුක්, ට්විටර්, ජංගමදුරකතන, වෙබ් අඩවි නිකං දියත් කළා කියලා කිසිදු දේශපාලන වෙනසක් ඇතිවෙන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන සමාජ ව්‍යාපාරයකින් තොරව අලූත් දේශපාලන සංස්කෘතියකට යන්නට බැහැ.

ආණ්ඩුවට තිබෙන ලොකුම ප‍්‍රශ්නය තමයි බොහෝ වෙබ් අඩවි ලංකාව තුළ ක‍්‍රියාත්මක නොවන එක. ඒ වගේම එයාලා බයයි ආරාබි වසන්තයක් ලංකාවෙත් ඇති වෙයි කියලා. කවුරුන් හෝ මොවුන්ට උපදෙස් දෙන කෙනෙක් කියන්නේ වාරණයක් නැතුව නව මාධ්‍ය බිහි කරන්න ඉඩදුන්නොත් ආණ්ඩුව වැටෙනවා කියලා. නමුත් එහෙම නැහැ. ඒක සුරංගනා කතාවක්.

මේ වන විට ශ‍්‍රී ලංකාවත් මේ වගේ වාරණයන් හරහා මර්දනකාරී රටවල් අතරට එක්කාසු වෙලා ඉන්නේ. චීනය, උතුරු කොරියාව, රුසියාව, ඉරානය වගේ රටවල් ඉන්න ක්ලබ් එකට ඇතුළත් වුණා අපි ශ‍්‍රී ලංකිකයන් කියන සිතුවිල්ලටත් නින්දාවක්.

Ravaya

12 November 2011

20 වැනි දරු උපතටත් සැරැසේ


ඇමෙරිකාවේ ආර්කැන්සාස්හි මිචෙල් ඩුගර් (45) හා බොබ් ජිම් (46) ඔවුන්ගේ විසි වැනි දරුවා ලබන වසරේ අපේ‍්‍රල් මාසයේ බලාපොරේත්තුවෙන් සිටිති. 1984 ජූලි 21 වැනි දා විවාහ වූ ඔවුන් තුන් වසරක් පවුල් සැළැසුම් කළහ. මුල්ම දරුවා 1988 මාර්තු තුන් වැනි දා ඉපැදුණේය. 2008 දී විවාහ වූ ලොකු පුතාගේ වයස අවුරුදු 23 කි. මේ යුවළට පුත්තු දස දෙනෙක් ද දූවරු නව දෙනෙක් ද සිටිති.
මිචෙල් සිය 20 වැනි දරුවා 2012 අපේ‍්‍රල් මාසයේ දී බලාපොරොත්තු වන බව දින කිහිපයකට පෙර ප‍්‍රකාශ කළාය. බාලම දරුවාගේ වයස අවුරුද්දයි මාස 11 කි.
මේ දරුවන්ගෙන් 15 දෙනෙක්ම ස්වාභාවිකව ඉපැදුණාහ. මෙම දෙදෙනාට මුණුබුරෝ දෙදෙනෙක් සිටිති.
දරු පවුලේ කෑම බීම වෙනුවෙන් මාසයකට රුපියල් ලක්ෂ හතර හමාරකි. ගෙදර ශීත කරන හතරකි. ගමන් බිමන් යෑමට බස් දෙකකි. ජේම්ස් රොබට් ඩුගර් ආර්කැන්සාස් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත‍්‍රීවරයෙකි. දේපොළ ව්‍යාපාරිකයකු වන ඔහු වාණිජ ආයතන කිහිපයක හිමිකරුවෙකි.

Lankadeepa

රෝහණ විජේවී මරා දැමූ දවස

ඉල්මහේ විරු සමරු දිනය අදයි. 1988-89 භීෂණ සමය තුළ ලෙයින් යකඩින් මර්දනය කර මරා පුලුස්‌සා දැමූ මේ රටේ 60,000 කට වැඩි ශ්‍රී ලාංකික දූ පුතුන් සමරනුවස්‌ පවත්වන ඉල්මහේ සමරු දිනය නොවැම්බර් 13 වැනිදාට යෙදී ඇත්තේ ඒ තරුණ තරුණියන්ගේ සදාදරණීය නායකයා වූ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර මරා දැමුණු දිනය එදා නිසාය. ඉල්මහේ විරු සමරු දිනය සමරන අද දවසේ, ඒ දිනයේ ලොකුම සාක්‍ෂිකරුවා අද අපි සමගය. විජේවීරගේ අවසන් මොහොත, එදා යුද හමුදා පොලිසියේ සෙබළෙකුව සිට දැසින් බලාසිටි ඉන්ද්‍රානන්ද ද සිල්වා නම් මොහු අද ක්‍රියාකාරී ජවිපෙ සාමාජිකයෙකි. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ජවිපෙ කැරලිකාර පිලේ උතුරුමැද පළාතේ ප්‍රබල නායකයකුව සිටින ඔහුට, විජේවීර ඝාතනයට වසර 22 ක්‌ සපිරෙන මේ මොහොතේ එදා ඔහු දුටු සියල්ල ඒ ලෙස ඔහුගේ වචනයෙන්ම විස්‌තර කර කියන්නට ඉඩ හැරියේ, ඒ විස්‌තරය ලොවට කියන්නට ඔහු හැර වෙනත් සුදුස්‌සෙක්‌ ලොව තවත් නැති නිසාය. පින්තූර - සංජීව සමරරත්න
ඔහු මරා දැමූ දවස අදයි!

මට හොඳට මතකයි ඒ දිනය. 1989 නොවැම්බර් මාසෙ 13 වැනිදා. එතකොට මම වැඩ කළේ ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පියා ලෙස. මම හිටියේ ලාන්ස්‌ කෝප්‍රල්වරයකු ලෙස. ඒ දවස්‌වල මම රාජකාරි කළේ නාරාහේන්පිට යුද හමුදා පොලිස්‌ මූලස්‌ථානයේ.......

හමුදාවට සම්බන්ධ විවිධ උත්සවවල වගේම කොළඹ එවකට තිබූ වධකාගාරවලට ගෙනෙන විවිධ අන්දමේ පුද්ගලයන්ගේ ඡායාරූප ගැනීමත් මගේ දෛනික රාජකාරියේ කොටසක්‌ වෙලා තිබුණා. මට මතක විදියට එතකොට කොළඹ ප්‍රධාන පෙළේ හමුදා වධකාගාර 7 ක්‌ විතර තිබුණා. ඒ හැම එකකටම මම ගියා. එකක 60 ක්‌ විතර අපේ තරුණ තරුණියෝ හිටපු විත්තිය මට මතකයි.

ඒක මහ මූසල දවසක්‌. උදේ පාන්දර 1.00 ට විතර කවුදෝ මගේ ඇඳ ළඟටම ඇවිත් මාව කීද්දුවා. මම නැඟිටලා බලන කොට තරු තුනක නිලධාරියෙක්‌ මගේ ඇඳ ළඟ හිටගෙන. සාමාන්‍යයෙන් නිලධාරීන්ට රාත්‍රියට අපි වගේ සෙබළු ඉන්න ප්‍රදේශයට ඒම තහනම්. අපට ඒ අය ඉන්න ප්‍රදේශයට යාම තහනම්. මේ නිසා මවිතයට පත් වුණු මම එකවරම නැඟිට සිටියා..........

සද්ද කරන්න එපා. ඔබ ඡායාරූප ගන්නා සියලුම ආම්පන්නත් රැගෙන වහාම ගිහින් එළියේ නවත්තල තියෙන අණදෙන නිලධාරියාගේ වාහනයකට නඟින්න............

මටත් ජීවිතයේ මරණ බය දැනෙන්න පටන් ගත්තා. මොකද එතකොටත් මම ජනතා විමුක්‌ති පෙරමුණට ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස සම්බන්ධ වෙලයි හිටියේ. මට එකවරම කර්නල් ලකී අල්ගම කියූ එක්‌තරා ප්‍රකාශයක්‌ මතක්‌ වුණා.

"කවුරුහරි කෙනෙක්‌ තමුසෙලා ගන්න පින්තූර ජනතා විමුක්‌ති පෙරමුණට සපයනවා. මේ දවස්‌වල ඒ කවුද කියල හොයන්න පරීක්‍ෂණයක්‌ දියත් වෙනවා..........

මගේ ඇඟ සීතල වෙන්න පටන් ගත්තා. අද මම ජීවත් වෙන අවසන් දවස කියල මට හිතුණා. ඉහළ නිලධාරියා මා දිහා බලාගෙන. මට පිටුපාන්න බෑ..... මා වහාම ඔහු කියූ දෙය කළා....... විනාඩි කිහිපයකින් මම හමුදා කඳවුර ඉදිරියේ නවතා තිබූ මගේ අණදෙන නිලධාරියාගේ වාහනයට ගොඩවුණේ ජීවිතයේ අවසාන ගමන යන්න හිතාගෙන........

මගේ අණදෙන නිලධාරියා කර්නල් එස්‌. අයි. එස්‌. දසනායක.... ඔහු ඉදිරි අසුණේ සිටියා........

ඔබට පෙම්වතියක්‌ ඉන්නවාද....?

මම "නැහැ" කියා කිව්වා.

එහෙනම් හොඳයි........ අපි දැන් මේ යන රාජකාරිය ගැන කිසිම මොහොතක කිසිම කෙනකුට වචනයක්‌වත් කියනවා එහෙම නෙවෙයි.

එතකොටයි මගේ ඇඟට ලේ පොදක්‌ ඉනුවේ. මේ යන්නේ වෙනත් විශේෂ රාජකාරියකට බව අණදෙන නිලධාරියාගේ ඒ කතාවෙන් මම වටහා ගත්තා.

අපි ගියේ තිඹිරිගස්‌යායේ පවත්වා ගෙන ගිය "ඔප්ස්‌ කොම්බයින්" කියන රහසිගත හමුදා මෙහෙයුම් මූලස්‌ථානයට.

මූලස්‌ථානයේ දෙවන තට්‌ටුවේ සම්මන්ත්‍රණ ශාලාවට අපි ගියේ. ඒක ඇතුළේ යුද හමුදාපතිවරයා වන සිසිල් වෛද්‍යරත්න ඇතුළු ඉහළම හමුදා ප්‍රධානීන් 15 දෙනෙක්‌ විතර හිටියා. ඒ අය යුද හමුදාවේ හා ක්‍ෂණික විහිදුම් බළකායේ ඉහළම නිලධාරියෝ බව මම දැක්‌කා.............

එයාලා එක්‌ සිවිල් පුද්ගලයෙක්‌ගෙන් ප්‍රශ්න කරන ආකාරය මම දැක්‌කා. ඔහු බොහොම නිර්භයව උත්තර දුන් බොහොම සෘජු අවංක පිළිතුරු නිසා ටික වේලාවකින් මගේ සිත තුළ සැකයක්‌ මෝදු වුණා. මේ ඉන්නේ අපේ නායක සහෝදරයා වත්ද............ මම හිතුවා. මම ඒක කර්නල් මුතාලිෆ්ගෙන් ඇහුවා (එවකට මේජර්)

ඔව්....... ඌ තමයි.............. උඹට තවමත් සැකද.... කියල ඔහු හිනාවෙවී මගෙන් ඇහුවා..... මගේ ඇඟ ඇතුළේ එකවරම විදුලියක්‌ දිව ගියා වගේ මට දැනුණා. ඒත් මේ සාකච්ඡාව බොහොම සාමකාමීයි. මහත්මා ගතිය හැමදෙනා තුළම දක්‌නට ලැබුණා. මට දැන් පැවරෙන්නේ කාගේ පින්තූර ගන්නද කියලා මට වැටහුණා.

එතකොට මම අපේ නායක සහෝදරයව හැබැහින් දැකල නැහැ. ඈතට දැක්‌කේa 1982 ජනාධිපතිවරණයේදී විතරයි.......

හමුදා ප්‍රධානීන් අහපු ප්‍රශ්න තාම මට මතකයි....... නායක සහෝදරයා දීපු උත්තර හරිම සෘජුයි..... හරිම කෙළින්.............. වරක්‌ මගේ අණදෙන නිලධාරී අයිවන් දසනායක මෙන්න මෙහෙම ඇහුවා...........

ඔබලාගේ සංවිධානය ඇතුළේ හමුදා සාමාජිකයන් කොපමණ ඉන්නවාද?.......

ඇත්තටම මම ඒක දන්නේ නැහැ. නායක සහෝදරයා කිව්වා.......

ඔබ බොරු කියනවා.... ඔබ හොඳින් දන්නවා... ආයෙත් ඇහුවා..

නැහැ........... මම කීදෙනෙක්‌ ඉන්නවද දන්නේ නැහැ. හැබැයි එකක්‌ මම දන්නවා. අද මේ වනවිට හමුදා ලොරි 2 ක්‌ පිරෙන්න කොටි සංවිධානයට නවීනතම අවි ආයුධ සපයපු බව මම දන්නවා. අවි ආයුධ, සිමෙන්ති තොග ඔවුන්ට යවන්න ඔබලාත් සම්බන්ධයි..... හෙට අනිද්දා මේ ගැන හමුදාවේ සාමාන්‍ය සෙබළා දැනගනීවි...... මෙතැනදී කලකිරෙන රට ජාතිය ගැන ආදරයක්‌ තියෙන හැම සෙබළෙක්‌ම ජනතා විමුක්‌ති පෙරමුණ හා රොක්‌ වෙනවා කියන එක නම් මම දන්නවා.....

හමුදා නායකයෝ මූණෙන් මූණ බලා ගත්තා මිස කිසිවක්‌ ඊට කිව්වේ නැහැ.

විජය කුමාරතුංග ඝාතනය කළේ ඇයි.........?

ඔය ප්‍රශ්නය මගෙන් අහන ඔබ හොඳින්ම දන්නවා විජය මැරුවේ කවුද කියලා..... එක්‌කෝ ඔබ ඒක දැන දැනත්, මම මොනවා කියයිද කියල බලන්න ඒක මගෙන් අහනවා. එක්‌කෝ ඔබ ඇත්තටම දන්නේ නැහැ. දන්නේ නැත්aනම් අහගන්න. විජය ඝාතනය කළේ එජාපයේ සැලැස්‌මකට.....

නමුත් ඔබලාගේ කිසිවෙක්‌ ඒ ඝාතනය නිසා දුක්‌වන බවක්‌ අපි දුටුවේ නැහැ...

ඊට හේතුවක්‌ නැහැ. විජය නළුවෙක්‌ හැටියට ඔහුගේ මරණය ගැන දුක්‌වෙච්ච අය ඉන්න ඇති. අපට ඔහුගේ දේශපාලනය ගැන විවේචන තිබුණා. ඔහු ඊ. පී. ආර්. එල්. එෆ්. එකෙන් පුහුණුව ලබල තිබුණා. නියෝජිත කණ්‌ඩායමක්‌ සමග ගොස්‌ "කිට්‌ටු" මුණ ගැහිලා තිබුණා. ඒ සමගම ඉන්දු - ලංකා ගිවිසුමට සම්බන්ධව වැඩ කළා. ඒ නිසා ඔහුගේ දේශපාලන භාවිතය සම්බන්ධව අපට ගැටලු තිබුණා...........

මට මතකයි සමහරු ඇහුවේ දේශපාලනයට කිසිම සම්බන්ධයක්‌ නැති ප්‍රශ්න.

ඔබ ජ්‍යෙdතිෂය විශ්වාස කරනවාද?..

නැහැ. හැබැයි සූර්යයාගේ බලපෑම පෘතුවියට තිබෙන බව මම දන්නවා. ඒක තනි තනි පුද්ගලයාට උපන් වේලාවට අනුව බලපානවා කියල මම විශ්වාස කරන්නේ නැහැ.

ඒ ප්‍රශ්න කිරීම් අතරතුර මට පැවරුණා. ඔහුගේ ඡායාරූප ගන්න. මම ඔහුව තිරයක්‌ යොදා වෙනම සකස්‌ කරල තිබුණ තැනක තියල ඡායාරූප 8 ක්‌ ගත්තා විවිධ පැතිවලින්......... ඒ අතරේ මමත් ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක්‌ ඇහුවා. අනෙක්‌ අයට නොදැනෙන්න.

ඔබතුමා රෝහණ විජේවීරද........

ඔව්...........

මොන නමින්ද හිටියේ...

මම අත්තනායක යන නමින් හිsටියා. ඇයි මගේ ෆොටෝ ගන්නේ..... මොනවද මට කරන්න යන්නේ........

මට පැවරුණ රාජකාරියයි මේ. මගේ රාජකාරිය ෆොටෝ ගැනීම. කියා මම ඔහු දෙස කෙළින් බලා හිනා වුණා. මට විශ්වාසයි ඔහු මාව හඳුනා ගත්තා කියලා. මොකද යුද හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පියෙක්‌ හමුදාව ගන්නා ඡායාරූප පක්‍ෂයට දෙන බව ඔහු දැන ගෙන හිටියා. ඔහු මගේ මුහුණ දෙස කෙළින් බලා සිනාසුණා........... ඉන්පසුව නායක සහෝදරයාගේ ප්‍රකාශයක්‌ ඇතුළත් වීඩියෝ පටයක්‌ පටිගත කෙරුණා.

එතැනදී හමුදා නිලධාරියෝ නායක සහෝදරයට කිව්වේ අවි ආයුධ බිම තියල යටත් වෙන්න කියන පණිවුඩය තරුණ තරුණියන්ට දෙන්න කියලයි. නමුත් නායක සහෝදරයා ජනතා විමුක්‌ති පෙරමුණේ බිහිවීම හා පැතිරීම් හා ක්‍රියාකාරීත්වය විග්‍රහ කරමින් විනාඩි 20 ක විතර දේශනයක්‌ පැවැත්වූවා. ඒක අවසානයේ කිව්වා ආයුධ බිම තියලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්‌වෙන්න කියන පණිවිඩය.

මේ දේශනය හමුදාවේ එතැන සිටි ලොකු කුඩා ඔක්‌කොම අහගෙන හිටියා. සමහරු ඒ දේශනයෙන් සම්පූර්ණ වෙනස්‌ මිනිස්‌සු බවට පත් වුණා. ජවිපෙ සටන්කාමී මාවතට තල්ලු කළේ කවුද කියන එක නායක සහෝදරයා ඉතා මැනවින් පැහැදිලි කළා.....

ඒක අවසානයේ ආයෙත් අර සාකච්ඡා මේසයට නායක සහෝදරයව අරන් ගියා. ප්‍රශ්න කිරීම දිගටම කෙරුණා.

ගමනායක ඉන්නේ කොහේද?....... නිලධාරියෙක්‌ ඇහුවා............

ඒක මේ වෙලාවේ මගෙන් අහන එක හොඳ නැහැ නේද?........ නායක සහෝදරයා කිව්වා...........

ඒ අතරේ එතැනට ආපු තවත් නිලධාරියෙක්‌ හමුදාපතිවරයාට විශේෂ දුරකථන ඇමතුමක්‌ ජනාධිපතිවරයාගෙන් තිබෙන බව කිව්වා. ඔහු ගියා ඒක ගන්න.......

ඒ අතරතුර කර්නල් මුතාලිෆ් මට තවත් රාජකාරියක්‌ පැවරුවා..... පහළ කාමරයක ඉන්නවා එච්. බී. හේරත්. ඔහුගේත් ඡායාරූප ගන්න ඕන කියලා මට නියෝග කළා. මම එතැනට යනවිට ඔහු ඡායාරූප ගන්න පුළුවන් මට්‌ටමක හිටියේ නැහැ. හොඳටම වදදීපු මස්‌ වැදැල්ලක්‌ වෙලා. මම ඔහුව බිත්තියට හේත්තු කරල අත ගන්නකොට නැවත කඩා හැලුණා. අමාරුවෙන් ඔහුගේත් ෆොටෝ දෙක තුනක්‌ ගත්ත මම ඉතා ඉක්‌මනට උඩට ගියා. උඩ මොනවද වෙන්නේ කියලා බලන්න........

හමුදාපති ජෙනරාල් සිසිsල් වෛද්‍යරත්න හා ජනාධිපතිතුමා අතර දුරකථන සංවාදය ටික වේලාවක්‌ පැවතුණා. .....

ඉන් පසුව එතන සිටි ඉහළම නිලධාරීන් 5 දෙනකු සමග හමුදාපතිවරයා වෙනම කාමරයක රහසිගත සාකච්ඡාවක්‌ පැවැත්වූවා. මේජර් තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු තවත් දෙදෙනෙක්‌ ඊට ගිය බව මට මතකයි....

ඉහළ නිලධාරීන් පස්‌දෙනා හා හමුදාපති අතර සාකච්ඡාව විනාඩි 10 කින් අවසන් වුණා. එළියට ආපු ඔවුන් පැජරෝ රථ දෙකක්‌ ලෑස්‌තිකරන්න කියා අණ කළා. නායක සහෝදරයාව පහළ පෝටිකෝව යටට ගේන්න කියලත් කිව්වා...

ඒත් නායක සහෝදරයා මරාදමාවි කියල අපට එවෙලේ නිකමට වත් හිතුණේ නැහැ. මොකද ඊට පෙර එතැන පැවැති සාකච්ඡාව සාමාන්‍යයෙන් මරා දමන්නෙක්‌ සමග කරන සාකච්ඡාවක්‌ නොවෙයි.

ඊට අමතරව ඒ වන විට රටේ ජනාධිපතිවරයා කියා තිබුණා ඉන්න තැනකින් රෝහණ

විජේවීර සාකච්ඡාවකට එන්න කියන තැනකට ඇස්‌ දෙක බැඳගෙන හරි එන්නම් කියලා.

ඊට අමතරව රජයට සම්බන්ධ තවත් ජනමාධ්‍යයක කියල තිබුණ විජේවීරට හෘදයාබාධයක්‌ තියෙනවා කියල ආරංචි වෙලා තියෙනවා ඉල්ලීමක්‌ කළොත් විදේශ රටකට යවල හරි ප්‍රතිකාර කරන්න රජය සූදානම් කියලා.

මේ වගේ ප්‍රකාශ, අදහස්‌ රටපුරා ගිය විදියටත් නායක සහෝදරයා අල්ල ගත්ත මොහොතේ සිට ඉහළ නිලධාරීන් ක්‍රියා කළ ආකාරයත් අනුව ඔහුව මරා දමාවි කියල කිසිවකුට හිතන්න බැහැ. නමුත් සියල්ල වෙලා තියෙන්නේ ඉහත කී දුරකථන ඇමතුමෙන් සහ ඉහළ නිලධාරීන් 6 දෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුවයි.

ක්‍ෂණයකින් පැජරෝ වර්ගයේ වාහන දෙකක්‌ ඔප්ස්‌ කොම්බයින් මූලස්‌ථානයේ පෝටිකෝව යටට ආවා. නායක සහෝදරයා එතනටත් ආවේ සාමාන්‍ය පරිදි අනිත් අය වගේ ඇවිදගෙන. එතන හරි අපූරු දෙයක්‌ වුණා. එක නිලධාරියෙක්‌ නායක සහෝදරයගේ දකුණු අත අරගෙන අල්ලත් පිට අල්ලත් ඇඟිලිත් ඉතා හොඳින් පරීක්‍ෂා කර බැලුවා.

ඇයි.. මගේ අතේ මරණීය සලකුණු තියෙනව කියලද බලන්නේ. නායක සහෝදරයා එහෙම ඇහුවා. ඒකට අනිත් නිලධාරීන් ඔක්‌කොම හඬ නගලා හිනහ වුණා.

නැහැ... මම බැලුවේ මෙයා ජංගල් ටේ්‍රනින්වලට එහෙම ගිහිල්ලා තියනවද කියලයි.

ජංගල් ටේ්‍රනින් වලට මම යන්න ඕන නැහැ. මම හිටියේ ජනතාව අතර. කොටින්ම මම ඔයාලයි ජනාධිපතිතුමාගේ රැස්‌වීම් වලටත් ගිහින් එයාගේ කතා අහගෙන ඉඳලත් තියෙනවා.

මෙම කතාවටද ඉහළ නිලධාරීන් අන්ද මන්ද වුණා. ඒ අතර එතන සිටි එක්‌ නිලධාරියෙක්‌ නායක සහෝදරයා ළඟට ඇවිත් ඔහුගේ උපැස්‌ යුගලය ගලවා ඔහුගේ සාක්‌කුවටම දැමුවා. අනතුරුව කළු රෙදි කැබැල්ලකින් ඔහුගේ දැස්‌ බැඳ දැම්මා.

සිදුවන්නට යන මොකක්‌ හෝ අමිහිරි සිදුවීමක ඉවක්‌ මට දැනෙන්න පටන් ගත්තා. උගුර ගොළු වුණා. උගුරේ යමක්‌ හිරවෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. මට කරගන්න දෙයක්‌ නැහැ.

නායක සහෝදරයා අවස්‌ථාව තේරුම් ගත්තා. ඔහු ඇහුවා මාව කොහේද මේ අරගෙන යන්නේ කියලා. කිසිවෙක්‌ සද්ද නැහැ. මට ඔබලා මොනවා කළත් කමක්‌ නැහැ. මගේ දරුවන්ට විතරක්‌ මොනම කරදරයක්‌වත් කරන්න එපා කියල ඔහු අපි හැමෝම ඉදිරියේ ලොකු විවෘත ඉල්ලීමක්‌ කළා. අන්තිමේ නිලධාරින් දෙදෙනකු සමග සෙබළු කිහිප දෙනෙක්‌ නායක සහෝදරයා සමග ඉදිරියෙන් ගිය පැජරෝවට නැග්ගා. ඒ වෙලාවේ එතන එහේ මෙහෙ aසිටි සෙබළු ටිකත් කතාකරගෙන තවත් නිලධාරීන් කිහිප දෙනෙක්‌ පසුපස පැජරෝවට නැගුණා. වාහන දෙක ඉගිල ගියා.

මට යන්න වාහනයක්‌ නැහැ. මම හෙව්වා අපේ ප්‍රධාන අණ දෙන නිලධාරියාව. ඒ වන විට එයා හිටියේ උඩ කාමරයක ඔළුවට අත ගහගෙන දැඩි කලකිරීමක... ඔහු හුඟක්‌ වෙනස්‌ වෙලා. නායක සහෝදරයාගේ දේශනයක්‌ අහපුවම මනුස්‌සකම ටිකක්‌ තියෙන රටට ආදරය කරන මිනිස්‌සු සංවේදී වෙනවා. ගල් හිතක්‌ වුණත් උණු වෙනවා. ඒක අපේ අණදෙන නිලධාරියාටත් වෙලා බව මම දැක්‌කා.

සර්... අපි යන්නේ නැද්ද. මම ඇහුව.

අපි යන්න ඕන නැහැ. අපි ඔන්න ඔහොම සද්ද නැතිව කෑම්ප් එකට යමු. ඔහු එහෙම කියලා නැගිට්‌ටා.

ඒත් ඒ මොහොතේම එතනට හමුදාපතිතුමා පැමිණියා. එතුමා අපේ සී. ඕ. එස්‌. අයි. එස්‌. දසනායකව දැක වියරු වැටිලා අඩි පොළවේ හප්පලා කෑගහන්න පටන් ගත්තා.

යකෝ උඹ තාම මෙතනද... උඹට මං ඕඩර්ස්‌ කළේ ගිහින් ඒ වැඩේ සිද්ධවෙන හැටි මට රිපෝට්‌ කරන්න කියල නේද.. තෝ ඒකට ගියේ නැත්නම් මම තෝව බල්ලෙක්‌ වගේ වෙඩි තියල මෙතන මරල දානවා.

මේ තර්ජනයත් සමගම තැතිගත් අපේ සී. ඕ. මටත් කතා කරගෙන එතනින් ඇවිත් ඔහුගේ කාරයට ගොඩ වුණා. ගොඩවෙලා ඉදිරියට ගන්න ගමන් මගෙන් ඇහුවා දැන් අපි කොහාටද යන්න ඕන..

මම දන්නේ නැහැ සර්...

විජහයින් ගිහින් දුවල අහගෙන එනවා බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් ඊළඟට අපි කොහාටද යන්න ඕන කියලා.

මම දිව්වා... මම යනකොට ජනරාල් වෛද්‍යරත්න ආපහු ගෙදර යන්න වාහනයට නගිනවා. දැන් මගදි අපේ සර් වාහනය මග නවත්තන් ඉන්නවා දැක්‌කොත් අනිවාර්යයෙන්ම එයා අපේ සර්ට වෙඩි තියනවා. මම දුවල ඇවිත් සර්ට කිව්වා ඔන්න සර් ජෙනරාල් එනවා අපි වෙන පාරකට දාල ඉමු කියලා.

අපි ජනරාල් යනකන් හැංගිලා ඉඳලා පස්‌සේ බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් යන්නේ කොතනටද කියල අහගෙන තමයි බොරැල්ල කනත්තට ගියේ.

ඒ වෙනකොට වෙන්න තියෙන ඔක්‌කොම දේවල් වෙලා ඉවරයි. අපේ නායක සහෝදරයාගේ ඔළුවෙනුයි පපුවෙනුයි උණු උණු ලේ ගලා ගිය ප්‍රාණය නිරුද්ධ නොවුණ සිරුර ආදාහනාගාරය ඉදිරියේ බිම දමා තිබුණා. එතන සිටි හැමෝම හිටියේ මහ තිරිසන්නු වගේ. සමහරු මේ ඉන්නේ රෝහණ විජේවීර කියලා හාංකවිසියක්‌වත් දැන සිටියේ නැහැ. අපි යන්න කලින් ගොල්ෆ් පිට්‌ටනියට අරන් ගිහින් තමයි වද දීල වෙඩි තියල තිබුණේ.

ආදාහනාගාරයේ යතුර තිබුණේ නැහැ. කිහිපදෙනෙක්‌ ඔහුගේ නිල නිවසට ගිහින් යතුර ඉල්ලා හිටියා. ඔහු අන්ද මන්ද වුණා.

අනේ සර්... මේක මගේ රාජකාරිය. මේ වගේ වැඩ මෙතෙන කෙරෙන්නේ නැහැ. යතුර නම් දෙන්න බැහැ...

ඉහළ නිලධාරියාට යකා නැග්ගා ඔහු පිස්‌තෝලය ඇදල අරන් අර පුද්ගලයගේ ඔළුවට තිබ්බා. මේක විශේෂ රාජකාරියක්‌ පරයෝ. බල්ලෙක්‌ වගේ මරල දාන්න කලින් දීපන් යතුර...

ඔහු යතුර දුන්නා. ආදාහනාගාරයේ දොරවල් දඩිබිඩි ගා ඇරුණා.

යකෝ ඕකව උස්‌සල පද්දල වීසිකරපන් ඇතුළට. ඉහළ නිලධාරියා අණ දුන්නා. කිහිපදෙනෙක්‌ නායක සහෝදරයගේ සිරුර අමාරුවෙන් උස්‌සල පද්දල ඇතුළට වීසි කළා. සිරුර ආදාහනාගාරයේ කටේ වැදිලා ආපහු බිමට වැටුණා. නායක සහෝදරයා කෙඳිරි ගාන්න පටන් ගත්තා....

අර ඉහළ නිලධාරියගේ කුණුහරුප වරුසාවක්‌ මැද ආයෙත් සැරයක්‌ සිරුර අමාරුවෙන් උස්‌සලා ඇතුළට වීසිකර ගත්තා..

විනාඩි කිහිපයකින් ඔක්‌කොම ඉවර වුණා. මට බලා ඉන්න බැහැ. මම අපේ සී. ඕ. ළඟට ආවා.

අපි යමු කෝප්‍රල්... ඔහු මට කිව්වා අපි වාහනේ නැගිල ආපහු ආවා. කවුරුවත් වචනයක්‌ කතා කළේ නැහැ.

පහුවදා එළිය වැටුණාම දහවල් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳෙව්වා. එහිදී ඔහු හරි අපූරු ප්‍රකාශයක්‌ කළා.

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්තනායක නමින් උලපනේ ප්‍රදේශයේ සෙන්ට්‌ මේරි නම් වතුයායේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවත්, ඉන් පසුව ඔහු පක්‍ෂයේ සියලු රහසිගත තොරතුරු රජයේ ආරක්‍ෂක අංශවලට ලබාදුන් බවත්, කොළඹ පැවැති ජවිපෙ මූලස්‌ථානයේ තිබෙන තොරතුරු අඩංගු ලිපිගොනු රැසක්‌ ලබාදීමට ඔහු ආරක්‍ෂක අංශ සමග මූලස්‌ථානයට ගිය බවත්, එහි සිටි එච්. බී. හේරත් නමැත්තා අමතා රෝහණ විජේවීර ඉහත කී ලිපිගොනු බාර දෙන්නට කී බවත් රන්ජන් විජේරත්න ප්‍රකාශ කළා. ඒ අවස්‌ථාවේ ලිපි ගොනු අරගැනීමට ලාච්චුවක්‌ ඇර එහි තිබූ පිස්‌තෝලයක්‌ ගෙන එච්. බී. හේරත් එක වරම විජේවීරට වෙඩි තැබූ බවත් එහිදී ආරක්‍ෂක අංශ පෙරලා හේරත්ට වෙඩි තැබූ බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා අවසානයේ කීවේ වෙඩි තබා ගැනීම්වලින් දෙදෙනාම මියගිය බවය. ආරක්‍ෂක තත්ත්වය සලකා දෙදෙනාගේම සිරුරු බොරැල්ල කනත්තේදී ආදාහනය කළ බවද ඔහු ප්‍රකාශ කළා.

ඇත්ත කතාව උඩු යටිකුරු කළ ප්‍රකාශයකින් සියල්ල නිමා වුණේ එහෙමයි. මටත් වැඩිකල් මෙහෙම ඉන්න නොලැබෙන බව මට තේරුණා. එතැන් සිට අපේ නායකයෝ එක්‌කෙනා එක්‌කෙනා අහුවුණා. ඒ කිසිවෙක්‌ගෙන් මං ගැන තොරතුරු ලැබිල තිබුණේ නැහැ. නමුත් දෙසැම්බර් 29 වැනිදා අත්අඩංගුවට පත් වුණ සමන් පියසිරි ප්‍රනාන්දුගේ අතේ තිබුණ ලිපි ගොනුවකින් මම ගැනත් තොරතුරු හෙළි වුණා. ඒ අනුව 1990 මාර්තු 14 වැනිදා අත්අඩංගුවට පත්වුණ මම යටාරෝ වධකාගාරයේ එක දිගට දින 19 ක්‌ දුක්‌ වින්ද... මම අද මේ බේරිලා ඉන්නේ එක්‌තරා දෛවෝපගත සිදුවීමක්‌ නිසා.



divaina

10 November 2011

උපුල් ශාන්ත සන්නස්ගලට වැඩ වරදී

නුගේගොඩ පිහිටි පෞද්ගලික උපකාරක පංතියකදී උපකාරක පන්ති ගුරුවරයා වන උපුල්ශාන්ත සන්නස්ගල මහතා විසින් දහස් ගණනක් ළමුන් ඉදිරියේ තමාට අයුතු ලිංගික යෝජනාවක් සිදු කල බව කියමින් සිසුවියක් පොලිසියේ පැමිණිල්ලක් ගොනුකොට ඇත.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

එම ගුරුවරයා පන්තියේ උගන්වමින් සිටින අතරතුර අදාළ සිසුවිය බංකුවෙන් නැගිට පන්තියෙන් පිටව යාමට සුදානම්ව ඇත.

ඒ අවස්ථාවේදී එම සිසුවියගෙන් හේතු විමසු සන්නස්ගල මහතාට සිසුවිය පිළිතුරු දී ඇත්තේ තමා වොෂ් රුම් යන බවකි.

ඉන් පසු එම සිසුවියට හස්ත සංඥාවක් පෙන්වමින් "මේක කරන්නද මට එන්න කියන්නේ?" යනුවෙන් විමසා අසභ්‍ය වදන් රැසක් කියා ඇත.

නුගේගොඩ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විදුහලක උසස්පෙළ කළා අංශයෙන් ඉගෙනගන්නා එම සිසුවිය පොලිසියට පැමිණිල්ලක් ගොනුකළ ඇති අතර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ අයුතු ලිංගික යෝජනාවක් කිරීමේ වරදට වසර පහක් දක්වා වූ සිර දඬුවමක් ලබාදිය හැකි බවයි.

උපුල්ශාන්ත සන්නස්ගල යනු ජනප්‍රිය යොවුන් නවකතාකරුවකු වන අතර චිත්‍රපට නිෂ්පාදකයෙකුද වේ.ඔහු වඩාත් ආන්දෝලනයට පත්වුයේ සිංහල උපකාරක ගුරුවරයෙකු වශයෙන් සිටියදී උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක් වංචනිකව ළමුන්ට ලබාදුන්නේයැයි යන චෝදනාව මතය.

උපුල්ශාන්ත සන්නස්ගල ලිංගිකත්වය ගැන බොහෝ සෙයින් කතාකලත් ඔහු විසින් එකල ඔහුගේ විශ්ව විද්‍යාල පෙම්වතියට සිදුකල ලිංගික අපරාධය හේතුවෙන් ඇයට සිදුවූ අවාසනාවන්ත ඉරණම ගැන බොහෝදෙනෙක් තවම දන්නේද නැත.

gossip9

ගෑණු මළ මිනී 29ක් ගෙදර රුසියානුවා අල්ලයි

ඉතිහාසඥයකු හා දර්ශන විද්‍යා උපාධිධරයකුවන ඇනටෝලි මොස්කොවින් (45) තරුණ ගැහැණු මළ සිරුරු 29ක් සිය නිවෙසේ තබා සිටියදී සොයාගත් රුසියා පොලිසිය කියනුයේ වොල්ගා ගඟ අසබඩ නිෂායි නොව්ගොරෝඩ් ග‍්‍රාමයේ සුසාන භූමිවලින් මළ සිරුරු අතුරුදන්වීම ගැන ලැබුණු ඔත්තු අනුව ඔහුගේ ගෙදර වැටැලූ බවයි. මිනීවළවලින් ගොඩගත් සිරුරු ගෙදර ගෙන ගොස් කල්තබා ගැනීමේ බෙහෙත් ගල්වා බෝනික්කන් මෙන් ලස්සන රෙදි පිළි අන්දවා නිවසේ ආලින්දයේ තබා තිබිණි. රුසියාවේ සුසාන භූමි 800ක් ගැන පුළුල් ලෙස ලියා ඇති ඔහු සුසාන භූමිවලට ගොස් මළවුන් ගැන අධ්‍යයනය කිරීමේ රුචියක් දැක්වූවෙකි.
 


Lankadeepa
cx.u .Ksld fiajfha ksr;ùu ksid ;j;a fg,s kdgH ks<shla Bfha^9& oyj,a w;=re.sßfha§ fmd,sishg fldgq jqKd’
ls÷rx.kd fg,s kdgHfha ffjoHjßhlf.a pß;h;a .eyeKq <uhs fg,skdgHfha mdi,a isiqúhlf.a pß;h;a isysk l=udß fg,s kdgHfha fhfy<shlf.a pß;h;a r`.mE nj lshk wehf.a ku khkd OkxckS fmf¾rd nj fmd,sish jd¾;d
lrkjd’

 kqf.af.dv fldÜGdi yÈis weu;=ï wxYfha ia:dkdëm;s fmd,sia mÍlaIl Nd;sh chisxy uy;d fj; ,enqK T;a;=jla u; Wmdh ¥;fhl= fhoùfuka wehg cx.u ÿrl:kfhka l;d lr re' 5000$- l uqo,lg .Ksld jD;a;sfha fh§ug tl`.;djh ,ndf.k we;s w;r weh tlS mqoa.,hdg w;=re.sßh m%foaYhg tkakg hhs okajd we;’

ta wkqj tys .sh mqoa.,hdj weh w;=re.sßh m%foaYfha msysá W;aij Yd,djl kjd;ekla i|yd le|jdf.k f.dia we;’

fï Tiafia ¨yqne¢ fmd,sia lKavdhula wehj w;awvx.=jg f.k ;sfnkjd’ ;ju;a 20 yeúßÈ úfha miqjk fuu fg,s kdgH ks<sh ld,hl mgka fuu jD;a;sh isÿ lr ;sfnk nj;a weh fudaia;r ksrEmsldjl f,i fmkS isáñka yd fg,s kdgH j, r`.mdk w;r;=r we;s lr.kakd iïnkaO;d Tiafia .eKqï lrejka le|jd.kakd nj;a fy<s lr ;sfnkjd’

mqj;am;aj, msg ljrj, fmkS isg we;s weh fï Èkj, bkaÈhdfú idr,a keu;s fg,skdgH i|yd ,xldfú mqyqKqùï lghq;=j, ksr; fjñka isák njo mjid ;sfnkjd’


gossiplankanews

08 November 2011

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ සිරි සදහම් ආශ්‍රමය වටලයි

පිටිදුව සිරිධම හිමියන් නමින් ප්‍රසිද්ධව සිටි දැනට සකෘදාගාමී පල ලබාගෙන ඇතිබව ප්‍රකාශ කරන සිරිසමන්තබද්‍ර හිමියන්ගේ ආශ්‍රමය වන බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමය කිරම විමලජෝති හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් විසින් වටලනු ලැබුවේ බුදු දහමට නිගා දෙන අයුරින් සිරිසමන්ත බද්‍ර  භික්ෂුව සිදු කරන ක්‍රියාවලට විරුද්ධත්වය පෑමටයි.


සිරි සදහම් ආශ්‍රමය පිහිටා ඇති භුමිය පෙර හැදින්වුයේ ඩී.බි ජයතිලක වලව්ව ලෙස වූ අතර එහි හිමිකාරත්වය පැවරී තිබුනේ කිරම විමලජෝති හිමි නමටයි.

කිරම විමලජෝති හිමි විසින් වස් වැසීම සඳහා එකල පිටිදුවේ සිරිධම්ම හිමියන්ට ලබාදී තිබුන අතර පසුව කල ඉල්ලීමකට අනුව එය රුපියල් ලක්ෂ 200 කට සිරිධම්ම හිමියන්ට ලබාදී තිබුනා.

කෙසේ නමුත් අද ප්‍රකෝපකාරී පිරිස් විසින් ආශ්‍රමය වැටලු අතර කිරම විමලජෝති හිමියන් විසින් එම ස්ථානය නැවත එහිමියන් වෙත ලබාගැනීමට උත්සාහකර තිබුනේ පිටිදුව සිරිධම්ම හිමියන් වෙත එල්ලවූ විවිධ චෝදනා හේතුවෙනුත් 
උන්වහන්සේ විසින් විසින් මෑතකදී සිදුකල තිබු ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙනි.

මෙයට අමතරව සිරිසමන්තබද්‍ර හිමියන් විසින් අභියෝග කල පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ද එම අභියෝගය බාරගැනීමට එහි පැමිණ ඇත.
 


එම අවස්ථාවේ එම ප්‍රකෝපකාරී පිරිස මැඩලීමට පොලිසිය මැදිහත් වුවත් පිටිදුව සිරිධම්ම හිමියන්ගේ පිහිටට ආවේ එහිමියන්ගේ පැරණි හිතවතෙකු වූ මර්වින් සිල්වා අමාත්‍යවරයායි.

මර්වින් සිල්වා අමත්‍යවරයා පිටිදුව සිරිධම්ම හිමියන් හදුනාගත්තේ සිරි සදහම් ආශ්‍රමය එහි ඉදිකළ මුල් අවදියේ සිටමය.එම ආශ්‍රමයේ ප්‍රභූ දායකයන් අතර මර්වින් සිල්වාද ඉහලින් සිටි පුද්ගලයෙක් විය.

ප්‍රකෝපකාරී පුද්ගලයන් විසින් ආශ්‍රමයට වැඩි පිටිදුවේ සිරිදම්ම හිමියන් නිවාස අඩස්සියට ගෙන සිටි අවස්ථාවේ වහා පැමිණි මර්වින් සිල්වා අමාත්‍යවරයා රැස්ව සිටි පිරිස පොලිසිය ආධාරයෙන් ඉවත්කොට ඔහු පමණක් සිරිධම්ම හිමියන් සමග සාකච්චා කිරිමටයයි පවසා ආශ්‍රමය ඇතුලට ගියේය.


ටික වෙලාවකින් පැමිණි අමාත්‍යවරයා රැස්ව සිටි ජනතාව හමුවේ කියා සිටියේ නොබෝ දිනකින් මේ පිලිබදව තමා සාධාරණ තීන්දුවක් ලබා දෙන බවයි. 

විනයානුකුලව හැසිරෙන බවට පොරොන්දු මාලාවක් 

කෙසේ වෙතත් මින් ඉදිරියට ථේරවාදී බුදු දහමට අනුව කටයුතු කරන බවටත්,ධර්ම ප්‍රචාරයේදී අසත්‍ය හා මිථ්‍යාවන් දේශනා කිරීමට කටයුතු නොකරන බවටත්,සෙසු භික්ෂූන් වහන්සේලාට එරෙහිව මඩ ප්‍රචාර දියත් නොකරන බවටත් පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිව හෙවත් සිරි සමන්තභද්‍ර හිමියන් විසින් රාජකීය පණ්ඩිත ආචාර්ය මැද‍ගොඩ අභයතිස්ස හිමි වෙත පොරොන්දු වී ඇත. 


gossip9

07 November 2011

මෙරට වාරණය කර ඇති වෙබ් අඩවිවලට යා හැකි ක‍්‍රම


ආණ්ඩුවට එරෙහිව පුවත් පළ කරන වෙබ් අඩවි කිහිපයක් මෙරට වාරණය කිරීම හේතුවෙන් ලංකාවේ පාඨකයන්ට එම අඩවිවලට සම්බන්ධ වීමේ හැකියාව අවහිර වී තිබෙනවා. මෙහි දැක්වෙන වෙඞ් අඩවිවලට ගොස් ඔබට යාමට අවශ්‍ය සිංහල වෙබ් අඩවිය එහි ටයිප් කිරීමෙන් පහසුවෙන් ඒ වෙත ලඟා විය හැකියි.


Jayasohona

ඉන්ධන මිල වැඩි කිරිමට එරෙහිව දැනෙන උද්ඝෝෂණයක්

ඉන්ධන මිල වැඩි කිරිම‍ට එරෙහිව ලබන 15වෙනිදා පිටකොටුවේදි උද්ඝෝෂණයක් සංවිධානය කරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සංගමය පවසයි.
 


එම සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු පවසන්නේ රජයට සහ ජනතාවට දැනෙන අයුරින් එම උද්ඝෝෂණය සංවිධානය කරන බවය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ස්ටැන්ලි ප්‍රනාන්දු පැවසුවේ ඩීසල් මිල රුපියල් 8කින් වැඩි කිරිම අසාධාරණ තීරණයක් බවය.

එම නිසා පිට පළාත් බස් රථ හිමියන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටි සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ 4%ක හෝ 5% බස් ගාස්තු වැඩි වීමක් අවශ්‍ය බවය.

එලෙස බස් ගාස්තු වැඩිවීමක් ලබා දීමට නොහැකි නම් ඩීසල් සහනාධාරයක් අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Newsfirst