07 November 2011

ඉන්ධන මිල වැඩි කිරිමට එරෙහිව දැනෙන උද්ඝෝෂණයක්

ඉන්ධන මිල වැඩි කිරිම‍ට එරෙහිව ලබන 15වෙනිදා පිටකොටුවේදි උද්ඝෝෂණයක් සංවිධානය කරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සංගමය පවසයි.
 


එම සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු පවසන්නේ රජයට සහ ජනතාවට දැනෙන අයුරින් එම උද්ඝෝෂණය සංවිධානය කරන බවය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ස්ටැන්ලි ප්‍රනාන්දු පැවසුවේ ඩීසල් මිල රුපියල් 8කින් වැඩි කිරිම අසාධාරණ තීරණයක් බවය.

එම නිසා පිට පළාත් බස් රථ හිමියන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටි සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ 4%ක හෝ 5% බස් ගාස්තු වැඩි වීමක් අවශ්‍ය බවය.

එලෙස බස් ගාස්තු වැඩිවීමක් ලබා දීමට නොහැකි නම් ඩීසල් සහනාධාරයක් අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Newsfirst 

No comments:

Post a Comment