06 November 2011

මාළඹේ සිසුන්ට සායනික පුහුණුව දීම නවලෝක රෝහල ප‍්‍රතික්‍ෂෙප කරයි

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට නවලෝක රෝහලෙන් සායනික පුහුණුව දීම ලබාදීම එම රෝහල විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.
මාළඹේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට නවලෝක රෝහලේ පාලනාධිකාරිය මුලින් එකඟ වි සිටියද එම සිසුන්ට එවැනි පුහුණුවක් ලබාදීම නීති විරෝධී බවට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිනිය විසින් කල දැනුම්දීමකට අනුව එම තීරණය වෙනස් තර තිබේ.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කණ්ජායම් හතරකට අයත් සිසුන් 220 දෙනෙකු සිටින අතර ඔවුන්ට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචිය හිමිව නැත.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඉකුත් 29 වැනිදා සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති අතර එදිනට පසුව බඳවාගන්නා සිසුන්ට පමණක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇත.

Lankacnews

No comments:

Post a Comment