05 November 2011

පවරාගන්නා ආයතනවල සේවක ප්‍රතිලාභ අවදානමේ!

රජයට පවරා ගැනීමට යෝජිත පෞද්ගලික ආයතනයන්හි දහස්‌ ගණනක සේවකයන්ගේ සේවක අර්ථසාධක හා සේවා නියුක්‌තියන්ගේ භාර අරමුදල් මෙන්ම වෙනත් ප්‍රතිලාභයන් බරපතළ අවදානමකට ලක්‌වන තත්ත්වයක්‌ උද්ගත වී තිබේ.

එම ආයතන රජයට පවරා ගැනීමෙන් පසුව පෞද්ගලික අංශයේ සේවකයකු වශයෙන් හිමිවන ප්‍රතිලාභ කිසිවක්‌ ඔවුන්ට හිමි නොවන අතර ජීවිත කාලය පුරාම උපයා ගත් සේවක අර්ථසාධක අරමුදල්වලට සිදුවන්නේ කුමක්‌ද යන්න පිළිබඳව ඔවුහු දැඩි ගැටලු සහගත තත්ත්වයකට පත්ව සිටිති. එමෙන්ම අනිවාර්යයෙන් හිමිවන පාරිතෝෂිත දීමනා අහිමි වනු ඇති බවට ද ඔවුහු බිය පළ කරති.

එම සේවකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ ආරම්භ කළ හැකිද යන්න පිළිබඳව ද සේවකයන් අතර නොසන්සුන්තාවක්‌ හටගෙන ඇත. විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ ආරම්භ කළ ද දැනට විශ්‍රාම යැමට ආසන්නයේ සිටින්නන් ඒ සඳහා අනුයුක්‌ත කර ගැනීම ගැටලුවක්‌ වන බව ඔවුන්ගේ අදහස වී තිබේ.

මෙම තත්ත්වය තමන්ගේ අනාගතය අවදානමකට ඇද දැමීමට ඉඩ ඇතැයි ද එහෙයින් මේ සම්බන්ධයෙන් ආණ්‌ඩුව අවධානය යොමුකළ යුතු යෑයි ද ඔවුහු පවසති.

2 comments:

  1. රජ වැඩ වලට අපි මීළග පාරත් දෙනවා ඡුන්දේ ඇට්ටි හැලෙන්නම

    ReplyDelete