06 November 2011

භාරත ලක්ෂ්මන්ගේ දියණියට බිරිඳට ජනාධිපතිගෙන් අනියම් තර්ජනයක්: දියණිය රටහැර යයි

ඝාතනය කරන ලද භාරත ලක්ෂ්මන් මහතාගේ දියණියට සහ බිරිඳට රෙජීමාධිපතිවරයා විසින් අනියම් ලෙස තර්ජනය කර තිබේ. මරණ පරීක්‍ෂණය පැවැති පසුගියදා භාරත මහතාගේ දියණිය මාධ්‍යයට අදහස් දක්වමින් ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වූ දුමින්ද සිල්වා රෝහල්ගතව සිටිනවා යැයි කීවද මෙතෙක් මහේස්ත‍්‍රාත් විසින් නිරීක්‍ෂණය කර නැති බව පැවසුවාය.

මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් භාරත මහතාගේ දියණිය සහ බිරිඳ අමතා ඇති ජනාධිපතිවරයා ‘මොකද හිරුනිකා කරන්න හදන්නේ? මගේ ආණ්ඩුව වට්ටන්න හදනවාදැ’යි විමසා ඇත. තාත්තා මරපු එවුන්ගෙන් තුන් දෙනෙක් දැනටමත් මරා දමා ඇති බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ. ‘අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා’ යැයි අනියම් ලෙස තර්ජනය කර ඇති අතර මෙම තර්ජනයෙන් පසු භාරත ලක්ෂ්මන් මහතාගේ දියණිය ආරක්ෂාව පතා විදේශ ගතවී ඇත.

භාරත ලක්ෂ්මන් මහතාගේ දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර දැනට ආරක්ෂාව පතා ගොස් සිටින රටේ සිට මේ තතු ‘ලංකා ඊ නිව්ස්’ වෙත හෙලිකළාය.
Lankaenews

No comments:

Post a Comment