05 November 2011

වරායේ කන්ටේනර් රථ වර්ජනයක්

කොළඹ වරායේ සේවයේ නියුතු කන්ටේනර් රථ රියදුරන් සහ සහායකයන් අද දින උද්ඝෝෂණයක නිරත විය. ඒ වරායට කන්්ටේනර් ඇතුළු කිරීමේ දී සහ පිටතට ගැනීමේ දී පවතින ප‍්‍රමාදයට සහ වරාය සේවකයන්ගෙන් තමන්ට සිදුවන කෙනෙහිලිකම්වලට එරෙහිවයි.

ඔවුන් පවසන්නේ වරාය තුළට කන්ටේනරයක් ඇතුළු කිරීමට තමන්ට පැය හතරක පහක පමණ කාලයක් පෝලිම්වල රැුඳී සිටීමට සිදුවන බවයි. කන්ටේනර් ඇතුළත් කිරීම භාර වරාය ආරක්ෂක අංශයේ සහ භාණ්ඩ පටවන අංශයේ සේවකයන්ගේ අක‍්‍රමවත් බව මෙම තත්ත්වයට හේතු බව මෙම සේවකයන් පවසා සිටී.

එසේම තමන්ගේ කන්ටේනර් රථවලට බඩු පැටවීම සඳහා තමන්ට කප්පම් ගෙවීමට සිදුවන බවටත් එසේ කප්පම් නුදුනහොත් තමන්ගේ කන්ටේනරයට බඩු පැටවීමට සිදුවන්නේ අන්තිමට බවත් ඔවුන් චෝදනා කර සිටී.
මේ අතර ඊයේ දිනයේ පටන් වරායට කන්ටේනර් ඇතුළු කිරීම සහ පිට කිරීම ඇනහිට තිබිණ. රේගු අධිකාරිය ඊට හේතුව පෙස කියන්නේ ප‍්‍රධාන පිවිසුමේ සිදුවූ පරිගණක මෙහෙයුම් කටයුතුවල බාධාවක් තිබූ බවයි. මේ හේතුව නිසා විශාල කන්ටේනර් පෝලිමක් තිබූ අතර එබැවින් ආශ‍්‍රිත ප‍්‍රදේශවල විශාල වාහන තදබදයක්ද පැවතිණ.

අද හවස රේගු සහ වරාය අධිකාරියේ නිලධාරීන් අතර පැවති සාකච්ඡුාවකින් පසුව වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කීවේ පරිගණක මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බවයි.

No comments:

Post a Comment