06 November 2011

ඇමරිකාව සීමන් හරවා යවයි

ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීමට උත්සාහ කළ තමිල්නාඩුවේ ප‍්‍රබල කොටි හිතවාදියෙකු වන චිත‍්‍රපට අධ්‍යක්ෂ සීමාන් නිව්යෝක් ගුවන් තොටුපලෙන් ඊයේ (05) ආපසු හරවා යවා තිබෙනවා. ඇමරිකානු බලධාරීන් ප‍්‍රකාශ කළේ කොටි කි‍්‍රයාකාරකම් හේතුවෙන් සීමාන්ට මෙලෙස ඇමරිකාවට ඇතුළුවීමට අවසර ලබා නොදුන් බවයි. ඇමරිකාව තුළ ඔහු සාමයට බාධාවක් විය හැකි බවත්, ඔවුන් කියා සිටියා. මේ අනුව සීමාන් නැවතත්, චෙන්නායි වෙත ගොස් ඇතැයි සඳහන්. කොටි හිතවාදී කි‍්‍රයාකාරකම් හේතුවෙන් ඉන්දීය පොලිසිය මගින්ද ඔහු දෙවරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීමාන්ගේ, ‘‘නාම් තමිලර්’’ නැතිනම් අපි දෙමල දේශපාලන පක්ෂය විසින් ඇමරිකාව ඔහු පිටුවහල් කිරීම හෙළා දැකීමේ නිවේදනයක් ද නිකුත් කළා.

1 comment: