06 November 2011

වැඩබලන විපක්‍ෂ නායක ජෝන් අමරතුංග

රාජකාරි කටයුත්තක්‌ සඳහා තමා ශ්‍රී ලංකාවෙන් බැහැරව යන බැවින් විපක්‍ෂ නායක ධුරයේ වැඩ බැලීම සඳහා ජෝන් අමරතුංග මහතා පත් කළ බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාට දැනුම් දී තිබේ.

ජෝන් අමරතුංග මහතා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන අතර තමන් හෙට (08 දා) සිට 17 දා
දක්‌වා රටින් බැහැරව සිටින බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාට දන්වා ඇත.

මෙම කාලසීමාව තුළ විපක්‍ෂ නායක ධුරයේ වැඩ බැලීම ජෝන් අමරතුංග මහතා විසින් සිදු කරනු ඇතැයි වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

No comments:

Post a Comment