06 November 2011

යළි සන්ධාන, සභාග මැතිවරණ පෙරමුණු වලට යන්නේ නෑ -අනුර දිසානායක

ජනතා විමුක්ති පෙරමුණ අනාගතයේදී සන්ධාන සභාග සහ මැතිවරණ සඳහා පෙරමුණු ගොඩනැගීම නොකරණ බවට තීන්දුවක් ගෙන ඇතැයි එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය. ඔහු මෙසේ කීවේ අද පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගියදා ලංකාදීප පුවත් පතේ ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා සමග පරිවාස ආණ්ඩු හැදීමත්, මහින්ද රාජපක්‍ෂ බලයට ගෙන එ්මට උදව් කිරීමත් ෆොන්සේකා මහතා වෙනුවෙන් හංසයාට සහයෝගය දීමත් වැරදි බවට අනුර දිසානායක මහතා කීවා යැයි පළ වූ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අනුර දිසානායක මහතා කීවේ. එම ප‍්‍රවෘත්තිය ලියූ වාර්තාකරුම පසුවදා කරුණු පැහැදිලි කිරීමක් ලෙස තවත් වාර්තාවක් ලියා තිබූ බවයි. එය සාමාන්‍ය ක‍්‍රමය නොවන බව කී දිසානායක මහතා තමා එ් ගැන කරුණු පැහැදිලි කළේ නැති බවත් වාර්තාකරුම පසුදා කරුණු පැහැදිලි කර ඇති නමුත් කරුණු පැහැදිලි කරන්නේ කුමන වාර්තාව ගැනද යන්න එහි සඳහන්ව නොතිබූ බවත් කීය.

තමා කීවේ 2004 සිට 2010 දක්වා ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන තීන්දු වලට එළැඹුණු බවත් එ් ගැන මහජනතාවට නිවැරදිව එ්ත්තු ගිය නැති බවත් සිද්ධි හැටියට තමා එවැනි ප‍්‍රකාශයක් කීවේ නැති බවත් දිසානායක මහතා පැවසීය. රට තුල ක‍්‍රම විරෝධී මතයක් ගොඩ නැගිය යුතු අතර කුඩා කුඩා ප‍්‍රතිසංස්කරණ වලින් සමාජය හැදිය හැකියැයි මතයක් ඇති වී ඇති බවත් පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාමාර්ගත් ඊට හේතු වී ඇති බව තම පක්ෂයට පෙනී ගොස් ඇතැයි දිසානායක මහතා පැවසීය.

රටත් ජනතාවත් තවත් අඟලක්වත් ඉදිරියට ගෙන යෑමට නොහැකි මේ බෙලහීන දුර්වල කඩාවැටුනු ධනවාදී ක‍්‍රමය වෙනුවට වෙනත් සමාජ ක‍්‍රමයක් අවශ්‍යයයි කියන ක‍්‍රම විරෝධී මතය සමාජය තුලට ගෙන යා යුතුය කියා ජවිපෙ තීන්දුවකට පැමිණ ඇතැයි දිසානායක මහතා පැවසීය. (එම ක‍්‍රමය සමාජවාදයදැයි ඔහු කීවේ නැත* එමෙන්ම යුද්ධය තීව්ර වූ අවස්ථාවේදී සමබරතාවය පවත්වා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අසමත් වූ බවද දිසානායක මහතා ප‍්‍රකාශ කෙළේය.

සිංහල දෙමල මුස්ලිම් සමගිය ආරක්ෂා කිරීමත්, දෙමළ ජනතාව දෙමළ ජාතිවාදි සංවිධාන වෙත තල්ලූවීම වැළැක්වීම සඳහා වැඩියෙන් කටයුතු කිරීමටත්, මැතිවරණ පෙරමුණු, සන්ධාන සභාග ගොඩනැගීම නොකළ යුතු බවටත් ජනතා විමුක්ති පෙරමුණ තීන්දුවකට පැමිණ ඇතැයි ද අනුර දිසානායක මහතා අවධාරණය කෙළේය.

Lankaenews

No comments:

Post a Comment