05 November 2011

ශ‍්‍රමයෙන් නිමැවූ දේවල් සේවය කළ යුත්තේ ශ‍්‍රමයටයි. කලාකරුවන් මෙය තේරුම්ගත් විට ලෝකය වඩාත් සුන්දර වේවි. - ලාල්කාන්ත - වැඩකරන ජනතා කලා උළෙලේදී

කලාව ප‍්‍රාග්ධනයට නොව ශ‍්‍රමයට සේවය කරන උපකරණයක් විය යුතු බවත් එය ශ‍්‍රමයේ උරුමයක් බවත් කාලව ඇතුළු සියළු නිමැවුම් මිනිස් ශ‍්‍රමයේම නිර්මාණ බවත් එය සිහියට නගා ගැනීම යුගයේ කලාකරුවන්ගේ වගකීම බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයා ප‍්‍රකාශ කරයි.
ඔහු එසේ ප‍්‍රකාශ කළේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුව විසින් 5 වන වරටත් සංවිධානය කරන ලද වැඩකරන ජනතා කලා උළෙල සහ සංස්කෘතික ප‍්‍රසංගයේ ආරාධිත කථාව කරමිනි. ඔඩු දුවන ධනේෂ්වර ක‍්‍රමයේ අර්බුදය විසින් ජනයාගේ වින්දනීය වුවමනාවන් දිනෙන් දින කපා දමමින් සිටින බවත් ඔවුන් තනිකරම මිනිස් යන්ත‍්‍ර බවට හරවමින් තිබෙන බවත් ස්වභාවධර්මයේත්මිනිස් සමාජයේත් මිනිස් චින්තනයේත් සියළු සෞන්දර්යයන් ආත්මාර්ථයේ ගිල්වා මරා දමමින් මෙම කෲර සමාජ ක‍්‍රමය ගමන් කරමින් සිටින බවත් ඒ නිසා මෙම සමාජ ක‍්‍රමය මුළුමනින්ම වෙනස්කොට ඇත්ත මිනිස් බැඳීම් ඇති සමාජවාදී සමාජයක් නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා කලාකරුවන් විශාල යුගමෙහෙවරක් ඇතිබවත් ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය. ඔක්. 27 (ඊයේ) සවස 2.00 ට කොළඹ මහජන පුස්ථකාල පරිශ‍්‍රයේදී පවත්වන ලද මෙම කලා උළෙලට සිය නිර්මාණ ඉදිරිපත් කළ සිංහල, දෙමළ, මුස්ලිම් නව නිර්මාණකරුවන් රැුසක්ම සහභාගී වී සිටීම විශේෂත්වයකි. උතුරු නැගෙනහිර ඇතුළු සියළු පළාත් නියෝජනය කරමින් නවක කලාකරුවෝ රැුසක්ම මීට එක්වී සිටියහ. මීට අමතරව ප‍්‍රවීන කලාකරුවන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.
සිංහල හා දෙමළ මාධ්‍යයෙන් කවි, කෙටිකථා, ගී පදමාලා හා කෙටි නාට්‍ය නිර්මාණය කළ කලා ශිල්පීන්ට මෙහිදී සහතිකපත් හා ත්‍යාග ප‍්‍රදානයක්ද සිදු කෙරිණි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සමන්ත කෝරළේආරච්චි එහි සාහිත්‍ය අනුකමිටුවේ සභාපති චන්දන සූරියආරච්චි, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහ වරාය, විදුලිය, ජල, ඛණිජ තෙල, මුද්‍රණ, තැපැල්, දුම්රිය ආදී ක්‍ෂේත‍්‍ර රැසක් නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් රැසක්ච මෙම සමාප්ති උළෙලට සහභාගී වී සිටියහ.
වීදි නාට්‍ය සහ සිංහල දෙමළ නර්තන, වාදන, ගායන අංගවලින්ද මෙම උළෙල ඔපවත් විය. අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කලා උළෙලේ තේමාව වූයේ සියළු කලාවන්හි උල්පත වූ ශ‍්‍රමයේ උරුමය සොයා පියනගන.... දහදිය සිත්තම වැඩකරන ජනතා කලා උළෙල යන්නයි.

No comments:

Post a Comment