06 November 2011

හලාවත පොලීසියට එරෙහිව විරෝධතාවක්-මාර්ගයේ රථ වාහන තදබදයක්

හලාවත පොලීසියට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් විරෝධතා ව්‍යාපාරයක නිරතවන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

හලාවත පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව හලාවත-කොළඹ මාර්ගයේ ඉණිගොඩවෙල ප්‍රදේශයේ මාර්ගය අවහිරවන සේ මෙම විරෝධතාව පවත්වන බව අප වාර්තාකරු කියා සිටියි.

අදාළ විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් මේවන විට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව සඳහන් වේ.

පසුගිය 30 වන දින මෙම ප්‍රදේශයේදී බස් රථයක හැපී යතුරුපැදිකරුවකු ජීවිතක්ෂයට පත්වූ බවත්,අනතුරව අත්අඩංගුවට ගනු ලැබූ බස් රථ රියදුරුට කඩිනමින් ඇප ලබාදීමට හලාවත පොලීසියේ ස්ථානාධිපතිවරයා කටයුතු කළ බවට චෝදනා කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බවත් අප වාර්තාකරු පෙන්වාදෙයි.

Ada Derana

No comments:

Post a Comment