05 November 2011

දියනෑමට ගිය පාසල් සිසුන් 2 ක් මුහුදුට බිලිවෙයි

මඩකළපුව, එරාවුර්, පුන්නකුඩා මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

13 හැවිරිදි සිසුවියක් සහ සිසුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්ය.

තලවායි පාසලේ සිසුන් 21 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද(05) දහවල් මුහුදු වෙරළ නැරඹීමට පැමිණි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

එහිදි සිසුන් 6 දෙනෙකු රළ පහරට හසුව ගසා ගෙන ගොස් ඇති අතර ඉන් සිසුන් සිව්දෙනෙකු බේරාගැනීමට තලවායි පොලිස් මුරපොළේ නිලධාරීන් සමත්ව ඇත.

බේරාගත් සිසුන් සිව්දෙනා එරාවුර් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකළපුව ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment