08 November 2011

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ සිරි සදහම් ආශ්‍රමය වටලයි

පිටිදුව සිරිධම හිමියන් නමින් ප්‍රසිද්ධව සිටි දැනට සකෘදාගාමී පල ලබාගෙන ඇතිබව ප්‍රකාශ කරන සිරිසමන්තබද්‍ර හිමියන්ගේ ආශ්‍රමය වන බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමය කිරම විමලජෝති හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් විසින් වටලනු ලැබුවේ බුදු දහමට නිගා දෙන අයුරින් සිරිසමන්ත බද්‍ර  භික්ෂුව සිදු කරන ක්‍රියාවලට විරුද්ධත්වය පෑමටයි.


සිරි සදහම් ආශ්‍රමය පිහිටා ඇති භුමිය පෙර හැදින්වුයේ ඩී.බි ජයතිලක වලව්ව ලෙස වූ අතර එහි හිමිකාරත්වය පැවරී තිබුනේ කිරම විමලජෝති හිමි නමටයි.

කිරම විමලජෝති හිමි විසින් වස් වැසීම සඳහා එකල පිටිදුවේ සිරිධම්ම හිමියන්ට ලබාදී තිබුන අතර පසුව කල ඉල්ලීමකට අනුව එය රුපියල් ලක්ෂ 200 කට සිරිධම්ම හිමියන්ට ලබාදී තිබුනා.

කෙසේ නමුත් අද ප්‍රකෝපකාරී පිරිස් විසින් ආශ්‍රමය වැටලු අතර කිරම විමලජෝති හිමියන් විසින් එම ස්ථානය නැවත එහිමියන් වෙත ලබාගැනීමට උත්සාහකර තිබුනේ පිටිදුව සිරිධම්ම හිමියන් වෙත එල්ලවූ විවිධ චෝදනා හේතුවෙනුත් 
උන්වහන්සේ විසින් විසින් මෑතකදී සිදුකල තිබු ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙනි.

මෙයට අමතරව සිරිසමන්තබද්‍ර හිමියන් විසින් අභියෝග කල පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ද එම අභියෝගය බාරගැනීමට එහි පැමිණ ඇත.
 


එම අවස්ථාවේ එම ප්‍රකෝපකාරී පිරිස මැඩලීමට පොලිසිය මැදිහත් වුවත් පිටිදුව සිරිධම්ම හිමියන්ගේ පිහිටට ආවේ එහිමියන්ගේ පැරණි හිතවතෙකු වූ මර්වින් සිල්වා අමාත්‍යවරයායි.

මර්වින් සිල්වා අමත්‍යවරයා පිටිදුව සිරිධම්ම හිමියන් හදුනාගත්තේ සිරි සදහම් ආශ්‍රමය එහි ඉදිකළ මුල් අවදියේ සිටමය.එම ආශ්‍රමයේ ප්‍රභූ දායකයන් අතර මර්වින් සිල්වාද ඉහලින් සිටි පුද්ගලයෙක් විය.

ප්‍රකෝපකාරී පුද්ගලයන් විසින් ආශ්‍රමයට වැඩි පිටිදුවේ සිරිදම්ම හිමියන් නිවාස අඩස්සියට ගෙන සිටි අවස්ථාවේ වහා පැමිණි මර්වින් සිල්වා අමාත්‍යවරයා රැස්ව සිටි පිරිස පොලිසිය ආධාරයෙන් ඉවත්කොට ඔහු පමණක් සිරිධම්ම හිමියන් සමග සාකච්චා කිරිමටයයි පවසා ආශ්‍රමය ඇතුලට ගියේය.


ටික වෙලාවකින් පැමිණි අමාත්‍යවරයා රැස්ව සිටි ජනතාව හමුවේ කියා සිටියේ නොබෝ දිනකින් මේ පිලිබදව තමා සාධාරණ තීන්දුවක් ලබා දෙන බවයි. 

විනයානුකුලව හැසිරෙන බවට පොරොන්දු මාලාවක් 

කෙසේ වෙතත් මින් ඉදිරියට ථේරවාදී බුදු දහමට අනුව කටයුතු කරන බවටත්,ධර්ම ප්‍රචාරයේදී අසත්‍ය හා මිථ්‍යාවන් දේශනා කිරීමට කටයුතු නොකරන බවටත්,සෙසු භික්ෂූන් වහන්සේලාට එරෙහිව මඩ ප්‍රචාර දියත් නොකරන බවටත් පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිව හෙවත් සිරි සමන්තභද්‍ර හිමියන් විසින් රාජකීය පණ්ඩිත ආචාර්ය මැද‍ගොඩ අභයතිස්ස හිමි වෙත පොරොන්දු වී ඇත. 


gossip9

No comments:

Post a Comment