07 November 2011

අනුරාධපුර රෝහලේ ශල්‍යකර්ම නවතී

උපකරණ හිඟය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන්ගේ සැත්කම් නතර කිරීමට සිදුව තිබේ.

 
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ කමිටු සමාජික වෛද්‍ය තාමර ඉලංගසිංහ පැවසුවේ, පසුගිය සතියේ බහස්පතින්දා සිට එම සැත්කම් නතර කර ඇති බවයි.

නිර්වින්දයෙන් පසුව රෝගින්ගේ ශ්වසන කටයුතු සඳහා භාවිත කරන උපකරණ නොමැතිවිමෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව වෛද්‍යවරයා පැවසීය.

පවතින තත්ත්වය මත සැත්කම් සිදුකිරීම අපහසු වී ඇති බවත් නිර්වින්දන වෛද්‍යවරුන් විසින් රෝහල් අධ්‍යක්ෂවරයාට හා සෞඛ්‍ය අමාත්‍යාංශ ‍ලේකම්වරයාට ඒ පිළිබඳ දැනුම්දෙනු ලැබ ඇතැයි, ද වෛද්‍යවරයා පැවසීය.

ඔහු සදහන් කළේ, රෝහලේ දැනට හදිසි සැත්කම් පමණක් සිදුකරන බවයි.

හිඟව පවතින උපකරණවලින් කොටසක් ලැබි ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

Newstfirst 

No comments:

Post a Comment