15 November 2011

තම නිදහස පුදා ඔබේ නිදහස වෙනුවෙන් සටන් කරන මැරී ඉපදුණු මිනිසෙකුට යුක්තිය ඉෂ්ඨ කරමු

මා යුධ හමුදා සුබ සාධක අංශයේ සිට හමුදා රෝහල වෙත පා ගමනින් ගියේ මාගේ මිතුරෙක් සමගය. අප යුධ හමුදා නිලධාරි නිල නිවෙස්නයන් පසු කර යනවාත් සමගම මාගේ මිතුරා ඉදිරිය බලමින් කියා සිටියේ මචං අන්න, කමාන්ඩර් සර් එනවා කියාය. එසේ කියනවාත් සමග මා ඉදිරිය බලද්දී දුටුවේ කමාන්ඩෝ සෙබළුන් රැුගත් ඩිෆෙන්ඩර් රථ දෙකකට මැදිව එන යුධ හමුදාපතිවරයාගේ සිල්වර් පැහැති 406 වර්ගයේ ෆෝර්ජෝ වර්ගයේ කාරයත් එයට දෙපසින් යුධ හමුදා පොලිසියේ යතුරු පැදි දෙකක ආරක්ෂාව ඇතිව වේගයෙන් එන රථ පෙලකි.

ඇසිපිය ගහන නිමේෂයක වේගයෙන් පැමිණි යුධ හමුදාපතිවරයා රැුගත් වාහන පෙළ යුධ හමුදා රෝහල අසලට පැමිණෙනවාත් සමග ඒ දෙසින් හෙණ හඬක් නංවමින් පිපිරීමක් සිදුවිය. පිපිරීමත් සමග අවට ප‍්‍රදේශය කළු දුමාරයකින් වැසී ගිය අතර හමුදාපතිවරයාගේ රථයට ආරක්ෂාව දෙමින් පැමිණි යතුරුපැදි දෙක ඉහල අහසේ කරණම් ගසමින් විසි වී යන ආකාරය දුටිමි. මෙය බෝමිබ පිපිරීමක් බවට තේරුම් ගන්න මටත්, මාගේ මිතුරාටත් වැඩිවේලාවක් ගත නොවීය.

බෝමිබය පිපිරුනු ස්ථානයට මාත්, මාගේ මිතුරාත් දිව යනවිට දුටුවේ ඒ අසල හමුදා සෙබළුන් කිහිප දෙනෙක් හා හමුදා රෝහලේ නේවාසිකව සිටින සෙබළුන් බැලීමට පැමිණි ඔවුන්ගේ ඥාතීන් යැයි සිතෙන පුද්ගලයින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්ව සිටින ආකාරයයි. මෙය දුටුවිටම මට හැඟී ගියේ හමුදාපති ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාද බෝමිබ ප‍්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි. ඒ වන විටත් බෝමිබ ප‍්‍රහාරයෙන් සිදුරු වී තිබූ හමුදාපතිවරයා පැමිනිි කාරය වට කරමින් කමාන්ඩෝ සෙබළුන් ආරක්ෂක වළල්ලක් ලෙසින් සිටින ආකාරය මම දුටුවෙමි.

කමාන්ඩෝ සෙබළුන් විසින් වටකරගත් හමුදාපතිවරයා සිටි කාර් රථයේ පිටුපස තිබුනු වම් පස දොර ඇරින. ඒ තුලින් එක් අතකින් සිය උදරය අල්ලා ගෙන අනෙක් අතින් වාහනයට බර දී එළියට පැමිණෙන යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මා දුටුවේ එවිටය. එලියට පැමිණි හමුදාපතිවරයා සිය කාර් රථයටම වාරුදී හිටගෙන ඉන්නා ආකාරයත් ඔහු සිය දෑතින්ම තම උදරය තද කරමින් අල්ලා ගෙන සිටිද්දී ඔහුගේ අතේ ඇඟිලි අතරින් බඩවැල් හා රුධිරය වෑහෙමින් තිබෙන ආකාරයත් දුටු මා විශ්මයටත් බියටත් පත්වීමි.

දරුණු ලෙස තුවාල ලැබු අයෙකු මේ ආකාරයෙන් නිර්භයව ඉන්නවා දැකීම ඉතා පුදුම සහගත වූ අතරම ස්වල්ප මොහොතක් ගතවෙන්නට පෙර එම ස්ථානයට පැමිණි ගිලන් රථයට යුධ හමුදාපතිවරයාව කමාන්ඩෝ සෙබලූන් විසින් ඇතුල් කරනා අකාරයත් දුටුවෙමි.

ඉන් පසු අපට ආරංචි වුයේ යුධ හමුදාපතිතුමන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන බවත්, විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔහුට කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයක් සිදුකරන බවත්ය. පැය 5 කට අධික කාලයක් සිදුකල ශල්‍යකර්මයෙන් පසු යුධ හමුදාපතිවරයාව ජීවිතාරක්ෂක යන්ත‍්‍රයකට සවිකර ඇති බව එදින රාත‍්‍රියේදී දැන ගන්නට ලැබිණි.

යුධ හමුදාපතිවරයාට ශල්‍යකර්මය සිදුකිරිම සදහා උපකාර වීමට කොළඹ ජාතික රෝහලට ගිය යුධ හමුදා රෝහලේ හෙදියක් පසුදින මා හට මුන ගැසුනු අවස්ථාවේදී කියා සිටියේ යුධ හමුදාපතිවරයාගේ පෙනහළු වලට දැඩි ලෙස තුවාල සිදුව ඇති බවයි. පෙනහළු දෙකේ රැුඳී තිබූ සමහර බෝම්බ කැබලි ශල්‍යකර්මයෙන් ඉවත් කළත් ජිවිතයට හානිවේයැයි සිතා තවත් බෝම්බ කැබලි රැුසක් හමුදාපතිවරයාගේ පෙනහළු වලින් ඉවත් නොකර තිබෙන බවත් එක්ස් කිරණ ජයාරූප ය ඇය දුටු බවත් පැවසුවාය.

රුදුරු ත‍්‍රස්තවාදයේ බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලබා ජීවිතයත් මරණයත් අතර සටන් වදින යුධ හමුදාපතිවරයාට ඉක්මන් සුවය පතා කිසිදු ආගම් භේදයකින් තොරව රටේ ජනතාව සති ගණනාවක් පුරා ආගමික වතාවත් පැවැත්වූහ. ඒ අන් හේතුවක් නිසා නොව මේ යුද්ධය ජයගැනීමට නම් හමුදාපති සරත් ෆොන්සේකා ජීවත් විය යුතු බව ජනතාව අතර කුඩා දරුවන් පවා දැන සිටි බැවිණි.

ශල්‍යකර්මයෙන් සති ගණනාවකට පසු ප‍්‍රකෘති සිහිය ලද යුද හමුදාපතිවරයාට වෛද්‍ය උපදෙස් මත දියරමය ආහාර පමණක් ගන්නා ලෙස නියම කෙරිණ. බෝම්බ ප‍්‍රහාරයට ලක්වුවද තමන් උපන් දේශය බේරා ගැනීමට සිතා ඔහු නැවතත් හමුදා මුලස්ථානයේ සිය කාර්යාලයට පැමිණ උතුරේ යුද මෙහෙයුම් සඳහා යලි සිය අණදීම අරඹන ලදී. ත‍්‍රස්තවාදය පරාජය කිරීම යුද හමුදාපතිවරයාගේ ඒකායන අභිප‍්‍රාය විය.

2007 වසරේ අග භාගයේදී දියරමය ආහාර පමණක් ගනිමින් ඔහු යුද්ධය මෙහෙයවුයේ කොළඹ හමුදා මුලස්ථානයේ සිට පමනක් නොව. සතියට වතාවක් වන්නි හා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන වෙතට ගොස් සිය නිලධාරිවරුන්ට වඩාත්ම අවශ්‍ය නායකත්වය හා නිවැරදි මග පෙන්වීමද ඔවුන්ට ලබා දෙමිනි.

හමුදාපතිවරයාගේ පෙනහළු වල තවමත් බෝම්බ කැබැලි තිබෙන නිසා ඔහුට අපිරිසිදු වාතයට නිරාවරණය වීම අහිතකර වූ බව වෛද්‍යවරුන් විසින්ම ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබිණ.
වසර 30 කට අධික කාලයක් රට වෙලා ගෙන තිබු ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හැකිවිය. ඒ ඔහු සතුව තිබූ නිර්භීතකම හා යුධ උපක‍්‍රමශීලීත්වයට පිං සිදුවන්නටය.

සිය හමුදා ජීවිතයෙන් පසු ජෙනරාල් සරත් ෆොන්සේකා 2010 වසරේදී පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත්විය. ඔහුගේ ප‍්‍රතිවාදියා වුයේ රෙජිමාධිපතිවරයාය. ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ කරුණු කිහිපයක් මුල්කරගෙනය..

   
ඒනම්,

1. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිම
2. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරිම
3. පොලිස් නිලධාරියාගේ සිට ආරක්ෂක අංශයන්ට සිය වෘත්තිය නිසි ගෞරවයෙන් යුතුව කරගෙන යැමට හැකි පරිසරයක් ගොඩ නැගීම
4. ¥ෂණයෙන් තොර ජනතාවට වගකියන රජයක් ගොඩනැගීම. ආදිය එහිදී ප‍්‍රධාන විය.

එහෙත් 2010 වසරේ පෙබරවාරි මස 8 වන දින කොළඹ රාජකීය මාවතේ පිහිටි සිය කාර්යාලයේදී ජෙනරාල් සරත් ෆොන්සේකාව අත් අඩංගුවට ගනු ලැබිණ. ජෙනරාල්වරයා අත් අඩංගුවට ගැනීම සඳහා 100 කට අධික අවිගත් හමුදා සෙබළුන් හා යුධ හමුදා පොලිසියේ සෙබළුන් සමග පැමිණ ඔහුව බලෙන් ඇදගෙන ගොස් ජීප් රියකට ඇද දැම්මේ නින්දා සහගත හමුදා ජීවිතයක් ගතකරන හමුදා නිලධාරින් දෙදෙනෙක් වීමද සුවිශේෂි කාරණාවකි.

මින් එක් අයෙක් නම් අණ දීමේ හා යුධ උපක‍්‍රමශීලිත්වය නොමැතිකම නිසා මන්නාරමේ, සිලාවතුර ප‍්‍රදේශයේදී හමුදා සෙබළුන් 117 කගේ මරණ වලට සෘජුවම වගකිව යුතු එවකට 57 වන සේනාංකයේ අණ දෙන නිලධාරී ලෙස සිට පසුව ආරක්ෂක ලේකම්ට කේලාම් කියා උසස්වීම ලැබූ යුධ හමුදා විනය ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියා වන මේජර් ජෙනරාල් ජගත් විජයසිරිය.

මෙසේ අත් අඩංගුවට ගැනීමෙන් පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව රැුගෙන ගොස් රැුඳැවූයේ නාවික හමුදා මුලස්ථානයේ පිරිසිදු වතාවරණය හෝ නොමැති අඳුරු කුටියකය. රටත්, ජාතියත් බේරාගත් අභීත රණවිරුවෙකුට මෙසේ සැලකීම තුල රාජපක්ෂ රෙජීමය බලාපොරොත්තු වූයේ ජෙනරාල්වරයාව සිරකුටිය තුලදීම අවසන් ගමන් යැවීමටය. මන්ද යත්, ජෙනරාල් වරයාගේ සෞඛ්‍ය වාර්තා යුදහමුදා රෝහලෙන් රැුගෙන විත් අපිරිසිදු වාතාශ‍්‍රය ජෙනරාල්වරයාගේ සෞඛ්‍යයට ඉතාම අහිතකර බව ඉන් දැනගෙන එ් සඳහාම කටයුතු කෙළේ ජෙනරාල් ෆොන්සේකාට මරණය ලඟාකර දීමට ය.

පුරා මාස 7 කට ආසන්න කාලයක් අපිරිසිදු වතාශ‍්‍රය සහිත නාවික හමුදා මූලස්ථානයේ සිරකුටියක රඳවා තබා ගත් හිටපු හමුදාපතිවරයාට එරෙහිව විනිසුරු වාර්තා හෝ තබා නොගත් යුධ අධිකරණයන් හමුවේ බොරු චෝදනා එල්ල කරමින් පසුව සිර ගෙට නියම කරන ලදී. විනිසුරු සටහන් හෝ තබා නොගත් කැන්ගරු අධිකරණයක් නීත්‍යාණුකූල අධිකරණයක් ලෙස නීතිය විසින් පිළිගත්තේ ලංකාවේ ශිෂ්ඨ සම්පන්න නීතියක් නැතැයි යන්න මුළු ලොවටම ඔප්පු කරමිනි.

අදද හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් ජෙනරාල් සරත් ෆොන්සේකා ගැන ඇත්තේ අප‍්‍රමාණ සෙනහසකි. එහෙත්, රෙජිමාධිපතිවරයාගේ යකඩ සපත්තුවට පැගී තිබෙන ඔවුන්ගේ හඬ පිටතට ඇසෙන්නේ නැත. යුක්තියේ නාමයෙන් තමන් යටපත් කරන් සිටින යකඩ සපත්තුව පෙරලා වීසි කර දැමීමේ කාලය දැන් එලැඹ ඇත.

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් මැරී ඉපදුනු ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවා අද සිටින්නේ සිර කුටියකය. කෝටි දෙකකට අධික මෙරට ජනතාවට නිදහසේ හුස්ම ගත හැකි වතාවරණයක් උදාකර දුන් ඒ අභීත සෙන්පතියා සිය ජිවිතයට හානි ගෙන දෙන අඳුරු කුටියකට වී දිවි ගෙවා දමන්නේ තමන්ට හුස්ම ගැනීම අහිමි කල පිරිසිදු වාතාශ‍්‍රය පොදක් හෝ නොලබාම ය. ඔහු පවතින දුෂ්ඨ රෙජීමය හා එකඟ වන්නේ නම් ඔහුට හෙට සියළු සැප සම්පත් උදාවන බව ඔහුත් සියල්ලෝමත් දනී. නමුත් ඔහු අද ත් යටත් නොවී සටන් කරන්නේ කුමක් සඳහාද? මුළු රටක් පෙළන දුෂ්ඨ රෙජීමයෙන් රටේ ජනතාව නිදහස් කර ගැනීමට නොවේද? තම නිදහස පුදා ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් කරනා මේ ශ්‍රේෂ්ඨ මිනිසාට ඔබ විසින් සාධාරණය ඉටුකර ඇත්දැයි තම හෘද සාක්ෂියෙන් විමසා බලන්නැයි ඉල්ලමු.

(කැප්පෙටිපොළ නිලමේ විසිනි -මතු සම්බන්ධයි-*

Lankaenews

No comments:

Post a Comment